වැලිගම, කොහුනුගමුව ප්‍රදේශයේ නිවසක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙන බව පොලීසිය පවසනවා.
එලෙස හමු වී තිබෙන්නේ,
24 හැවිරිදි වියේ පසුවන තරුණයෙකුගේ සිරුරක් බව පොලීසිය පවසනවා.
පුද්ගලයින් කිහිප දෙනෙකු සමග මත්පැන් පානය කර ඇති ඔහුට නාඳුනන පිරිසක් පහර දී ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළා.
මරණයට පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කිරීමට නියමිතයි.


