Thursday, July 30, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවට දරුණු පරාජයක් - ලොක කුසලානයට පිවිසීමට බලපෑම්

ශ්‍රී ලංකාවට දරුණු පරාජයක් – ලොක කුසලානයට පිවිසීමට බලපෑම්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවති පළමු එක්දින තරගය ලකුණු 198 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 274 ක් රැස් කළා.

ලකුණු 275ක ඉලක්කයක් හබා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 ක් තුළ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 76ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය හමුවේ ලැබූ මෙම දරුණු පරාජය සමඟ එළඹෙන ලෝක කුසලානය සඳහා තරඟ කිරීමට සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට සිදුව ඇති බව වාර්තා වෙනවා

READ:   ඉන්දිය සුපිරි පිතිකරුවාගේ ක්‍රිකට් අවිනිශ්චිත වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්