Friday, April 24, 2026
Homeදේශීයපැජන්ට් ගිය අක්කා නංගීගේ රත්‍රං බඩු චෝදනාවේ "සර්" චෝදනාවට උත්තර දෙයි (VIDEO)

පැජන්ට් ගිය අක්කා නංගීගේ රත්‍රං බඩු චෝදනාවේ “සර්” චෝදනාවට උත්තර දෙයි (VIDEO)

මිස් ටීන් පැජන්ට් එකේ දී රත්තරන් බඩු නැති වුණා කියන සිද්ධියක් සම්බන්ධයව එම තරඟකරුවන් ඉදිරිපත් කළ ගුරුවරයා විසින් එම තරඟකරුවන් ද සමඟ අද (25) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා.

අදාළ තරඟවටයන් සඳහා ඉදිරිපත් වෙද්දී රන් ආභරණ නොපැළඳ එන ලෙස තමන් තරඟකාරියන්ගෙන් ඉල්ලා සිටි බව කණ්ඩායමේ පුහුණුකරු ප්‍රකාශ කළා.

තරඟවාලියක් අතරතුර සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කිරීමට මිස පුද්ගලික රන් ආභාරණ පරිස්සම් කිරීමට තමන් බැදී නොසිටින බව ඔහු පෙන්වා දෙනවා.

කණ්ඩායමේ පුහුණුකරු වශෙයන් ඔහු තම වගකීම නිසි ලෙස ඉටු කර ඇති බව තරඟාවලියට ඉදිරිපත් වන තරඟකාරිනියකගේ මවක් මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවා.

තරඟාවලිය අතරතුර තම රන් ආභරණ නැති වූ බව පවසා අදාළ ආයතනයට චෝදනා කරන විඩියෝවක් තරඟකාරිනියන් දෙදෙනෙකු විසින් පසුගියදා සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   චීන එන්නත අනුමත නෑ!
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්