Saturday, October 31, 2026
Homeක්‍රීඩානවසීලන්තයෙන් අභියෝගාත්මක ඉලක්කයක්

නවසීලන්තයෙන් අභියෝගාත්මක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 274 ක් රැස් කළා.

නවසීලන්තය වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ෆින් ඇලන් ලකුණු 51 සහ ඩැරල් මිචෙල් ලකුණු 47 ක් වශයෙන් රැස් කළා.

නවසීලන්තය වෙනුවෙන් අද එක්දින වරම් ලබාගත් ඉන්දියානු සම්භවයක් ඇති රචින් රවින්ද්‍ර ලකුණු 49ක් රැක් කිරීම කැපී පෙණුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න කඩුලු 04 ක් ලකුණු 43 කට බිඳහෙළමින් සිය එක්දින තරඟ දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වුණා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර දෙකක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 12 ක් ලබා ගෙන සිටිනවා.

READ:   BREAKING NEWS: ඔරුගොඩවත්ත විහාරය කඩා දැමීම අත්හිටුවමින් අධිකරණයෙන් නියෝගයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්