Wednesday, September 9, 2026
Homeදේශීයරට චොක්ලට් සොයන මෙහෙයුමක් ඇරඹේ

රට චොක්ලට් සොයන මෙහෙයුමක් ඇරඹේ

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විදෙස් චොක්ලට් අලෙවි කිරීම් සිදු කරන වෙළඳසැල් වැටලීමේ මෙහෙයුමක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර තිබෙනවා.

නීති විරෝධී ආකාරයට මෙරටට ගෙන්වා ඇති චොකලට් ඇතුළු රස කැවිලි අලෙවිකරණ ස්ථාන රට පුරා ව්‍යප්ත වී ඇති බවත් ශ්‍රී ලංකාවේ නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන එවැනි චොක්ලට් ඇතුළු රසකැවිලි මිලදී ගැනීමෙන් වැළකී සිටින ලෙසත් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

නීති විරෝධීව ගෙන්වා ඇති විදෙස් චොක්ලට්වල කල් ඉකුත් වීමේ දින සහ අනෙකුත් තොරතුරු විකෘති කර වෙළඳපොළට එක් කර ඇති බව ඔවුන් වැඩිදුරටත් පැවසුවා.

READ:   ඉවත් කර තිබූ ලංගම බස් රථ 175ක් අලුත්වැඩියා කොට නැවත ධාවනයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්