Wednesday, July 22, 2026
Homeදේශීයපාසල් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් රු. කෝටි 81ක්

පාසල් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් රු. කෝටි 81ක්

ලබන වාරයේ සිට සමස්ත සිසුන්ගෙන් අඩකටත් වඩා දිවා ආහාරය රජයෙන්

පාසල් පෝෂණ වැඩසටහන සඳහා රුපියල් කෝටි 81ක් (මිලියන 814ක්) ඉක්මවූ මුදලක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සඳහා නිකුත් කර තිබේ.

පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට 2023 ජනවාරි මාසයට අදාළ පෝෂණ මුදල් මෙලෙස නිකුත් කර ඇති අතර, මෙතෙක් දිවා ආහාරය ලැබූ දරුවන් ලක්ෂ 11ක සංඛ්‍යාව, ලබන පාසල් වාරයේ සිට දෙගුණයකින් වැඩි කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී ඇත.

ඒ අනුව සමස්ත පාසල් දරුවන්ගෙන් සියයට 51ක් සඳහා දිවා ආහාර සැපයීමටත් කටයුතු කෙරෙන අතර, සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මේ තොරතුරු සම්බන්ධයෙන් මේ වන විටත් දැනුම්වත් කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයක දක්වා තිබේ.

සහල්, පරිප්පු සහ සැමන් මෙන්ම ආහාර පිසීමට ගන්නා තෙල්ද ලෝක ආහාර වැඩසටහන හා අමෙරිකානු ආධාර යටතේ ප්‍රදානය කෙරී ඇති අතර, සතියේ දින පහේම දරුවන්ට දෙන ආහාර වට්ටෝරු සඳහා බත් ඇතුළත් කිරීමටද මේ අනුව පියවර ගෙන ඇත.

දරුවන් පාසල් පැමිණීම වැඩි වීමේ ප්‍රවණතාවක් ඇති කිරීම, යහපත් සෞඛ්‍ය ආහාර පුරුදු ඇති කිරීම, සමබර ආහාර වේලක් සඳහා දරුවන් දිරිගැන්වීම, ඒ ඔස්සේ පාසල් දරුවන්ගේ කායික හා මානසික සෞඛ්‍යය යෝග්‍ය මට්ටමකින් පවත්වාගෙන යෑම මෙන් ම පන්ති කාමරය තුළ නිසි අවධානයක් ඇතිව වඩාත් ප්‍රශස්ත අයුරින් අධ්‍යාපන කටයුතුවල නියැළීමට පාසල් දරුවන්ට අවකාශ සැලසීම මේ වැඩසටහනේ අරමුණ බව ඒ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

නවෝද්‍යා කළුබණ්ඩාර, නෙත්මි පූජනී

උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

READ:   පිටපිට ලාභ ලබන සෙවනගල, පැල්වත්ත සීනි කම්හල් විකිණීමට සැරසේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්