Thursday, June 4, 2026
Homeදේශීයරුසියාවේ ජනාධිපති පුටින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

රුසියාවේ ජනාධිපති පුටින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

රැසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

ජානාධිපති පුටින් හට යුධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ගොණු කරමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුක්රේනයේ සිට ළමුන් නීති විරෝධී ලෙස රුසියාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයාට චෝදනා ලැබ ඇති අතර මොස්කව් විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා බලතල නොමැති හෙයින් රුසියානු ජනාධිපතිවරයාට ICC සමාජික රටවල සංචාරය කිරීමට බලපෑම් සිදු විය හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

READ:   ‘Rebuilding Sri Lanka’ අරමුදලට විදෙස්ගත ශ්‍රමිකයන් 19,000ක් මුදල් බැර කර තිබෙනවා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්