Sunday, April 19, 2026
Homeදේශීයරටම හඬවා නිමල් අමසිරි අවසන් ගමන් යයි (VIDEO)

රටම හඬවා නිමල් අමසිරි අවසන් ගමන් යයි (VIDEO)

ජාතික ජන බලවේගය ඉකුත් 26 වන දා කොළඹ ලිප්ටන් වටරවුමේ සංවිධානය කර තිබූ විරෝධතාවය අතර තුර තුවාළ ලබා රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ ජාතික ජන බලවේගයේ නිවිතිගල ප්‍රාදේශීය සභාවට තරඟ කළ නිමල් අමරසිරි මහතාගේ අවසන් කටයුතු ඊයේ (01) නිවිතිගල ඒ මහතාගේ නිවසේදී සිදු කෙරුණා.

එම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික ජන බලවේගයේ සංවිධයකයින් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියා.

මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයට පොලිසිය විසින් එල්ල කළ කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයන්ගෙන් තුවාල ලබා නිමල් අමරසිරි මහතා රෝහල් ගත කර සිටියදී ජීවිතක්ෂයට පත් වුණා.

READ:   දකුණු කොරියාවේ කෘෂි රැකියා ගැන අවසන් තීන්දුවක් ගෙන නැහැ. ජාවාරම්කරුවන්ට මුදල් දෙන්න එපා - කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්