Sunday, May 31, 2026
HomeදේශීයHOT NEWS - අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයෙන් පුරා විද්‍යා සාධක රැසක් හමුවේ! (PHOTO)

HOT NEWS – අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයෙන් පුරා විද්‍යා සාධක රැසක් හමුවේ! (PHOTO)

අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අංක 493 විජිතපුර නිලධාරී වසමේ පිහිටි කලාවැව ඉස්මත්තේ වනජීවී කලාපයට අයත් කෝමාරිකා ගලයාය නැමති ගල්වැටියේ පිහිටි පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත පුරා සාධක රැසක් හමුව තිබේ.

කටාරම් සහිත ලෙන් 04 ක් , ලෙන් ලිපි 2 “පර්වත ලිපි 1 ,” පොකුණ 1″ ස්මාරක පාදම්1″ කණු පාදම් , ගලින් කළ පිය ගැට පෙළ ආදි පුරා සාධක රැසක් සොයා ගෙන තිබේ.
තොරතුරු ලැබුනේ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අංක 516 ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරී මංගලා මහත්මියට ලැබුණු තොරතුරක් මතය. ධර්මසේන මහතා (පෙදරේරු) තොරතුරු ලබාදී තිබුණි. ඔහුට අප ආයතනයේ ගෞරවය පිරි නැමේ.

විජිතපුර බලකොටුව පිහිටියේ යැයි සැලකෙන වපසරියේ මෙම ස්තානය පිහිටා ඇත. ” දැනට සොයා ගෙන ඇති ආකාරයට ව්ජිතපුර ආසන්නයේ පුරාවිද්‍යා නටබුන් පිහිටි ඉඩම් ප්‍රමාණය අක්කර 1000කට ආසන්න වේ.”
මෙහි පිහිටි සෙල්ලිපි මෙයට පෙර කියවා නොමැති බව ප්‍රධාන කාර්යාලයෙන් සිදුකල විමසීමකදි හෙලිවිය.
මෙම අනාවරණය සිදුකරගත හැකිවුයේ පුරාවිද්‍යා කලාප බාර නිලධාරී එච්. ‘ජී’.. දිනෙශ් සමන් කුමාර මහතා සහ පුරාවිද්‍යා සහායක ඉන්දික කුමාර මහතා සමග තොරතුරු ලබාදුන් ධර්මසේන මහතා එක්ව සිදුකරන ලද ස්තාන පරීක්ෂාවකදීය’.

‘ ඉහත සොගන්නා ලද සෙල්ලිපිj, අක්ෂර අනුව ක්‍රි ‘පු ‘1-2 සියවස් වලට අයත් පූර්ව බ්‍රාහ්මීය අක්ෂර වේ’. මේ අනුව මෙම ස්තානයේ ආරම්භක අවදිය අනුරාධපුර මුල් අවදිය දක්වා විහිදේ’

මෙම තොරතුරු ගවේෂණ කටයුතු වෙනුවෙන් සිය දායකත්වය සැපයූ කලාප භාර නිලධාරී ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයට , වෙනත් රාජ්‍ය ආයතනයන්හි නිළධාරීන් සියලු දෙනාටත් , ගම්වැසියන් සියලු දෙනාටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගෞරවය පිරි නැමේ. තොරතුරු සම්පාදනය සංවර්ධන නිළධාරී සඳමාලි විජේසේකර මෙනවිය සහ කලාප භාර නිලධාරී දිනේෂ් සමන් කුමාර මහතා විසිනි .

Media unit Department of archaeology.

READ:   පෙරපාසලට ජාතික ප්‍රතිපත්තියක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්