Friday, October 16, 2026
Homeදේශීයපොහොට්ටුව මංගල ජන රැළිය අවලංගු කරයි

පොහොට්ටුව මංගල ජන රැළිය අවලංගු කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (24) අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව තිබූ මංගල ජන රැළිය අවලංගු කර තිබෙනවා.

මැතිවරණය පිළිබඳව අධිකරණය විසින් ලබා දෙන තීරණය කුමක්ද, යැයි බලා පසුව මාරතු මාසයේ මැද දී රැළිය සල්ගාදු පිටියේ දී පැවැත්වීමට පක්ෂය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසුවා.

ගමට යන්න බෑ, රැලියක් තියාගන්න බෑ.. කියන අයට පොදුජන පෙරමුණේ ශක්තිය පෙන්වන දැවැන්ත රැළියක් ජවිපය, සජබය පැවැත්වූ රැළි වලට වඩා විශාල ජනතාවක් සහිතව මංගල රැළිය ලෙස අනුරාධපුරයේදී පවත්වන බව එ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   ඩෙංගු මර්දන පිරිසෙහි රැකියා ස්ථීර කිරිමට පියවර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්