Wednesday, July 15, 2026
Homeදේශීයඅනුරාධපුර - වව්නියාව දුම්රිය මාර්ගය වැසේ

අනුරාධපුර – වව්නියාව දුම්රිය මාර්ගය වැසේ

අනුරාධපුර සිට වව්නියාව දක්වා ගමන් කරන දුම්රිය මාර්ගය නවීකරණය කිරීම සඳහා ජනවාරි 05 වනදා සිට මාස 05 ක කාලයක් වසා දැමීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 33 ක වියදමින් අනුරාධපුර සිට වව්නියාව දක්වා වන දුම්රිය මාර්ගය නවීන තාක්ෂණයට ගැලපෙන ආකාරයට දුම්රිය සංඥා සහ මාර්ග පද්ධතිය දියුණු කරමින් නියමිත වෙලාවට ධාවනය වන කාර්යක්ෂම දුම්රිය සේවයක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

දුම්රිය ධාවනය නොවීම නිසා මඟීන්ට ඇතිවෙන අපහසුතා මඟහැරීම සඳහා අනුරාධපුරයේ සිට යාපනය දක්වා ලංගම සහ පෞද්ගලික බස්රථ අඛණ්ඩව යෙදවීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා

READ:   බාලවයස්කාර හිමිනමකට බරපතල ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් විහාරාධිපති හිමි නමක් ඇතුළු හිමිවරුන් තුන් නමක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්