Wednesday, July 29, 2026
Homeක්‍රීඩාප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු බංග්ලාදේශයට පිටුපායි

ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු බංග්ලාදේශයට පිටුපායි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන රසල් ඩොමින්ගෝ සිය ධූරයෙන් ඉවත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිත්වයට රසල් ඩොමින්ගෝ පැමිණීමත් සමඟ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සිය රට තුළදී ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට එරෙහිව විස්සයි විස්ස තරඟාවලි දෙකක් ජයග්‍රාහණය කළ අතර නවසීලන්තයේදී ඓතිහාසික ටෙසට් තරඟ ජයග්‍රාහණයක් ද වාර්තා කළා.

දකුණු අප්‍රිකාව සමඟ පැවති එක්දින තරගාවලිය බංග්ලාදේශය ජයග්‍රාහණය කරනු ලැබුවේ රසල් ඩොමින්ගෝගේ පුහුණුකාරිත්වය යටතෙයි.

2023 වසරේ ලෝක කුසලානය දක්වා රසල් ඩොමින්ගෝගේ ධූර කාලය වලංගුව තිබියදී ඔහු බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

READ:   ඊශ්‍රායල දේශසීමාවේ අතුරුදන් වූ ලාංකික කාන්තාවන් දෙදෙනා ගැන තොරතුරක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්