Sunday, April 19, 2026
Homeදේශීයපාලමකින් ඟගකට වැටී පුද්ගලයෙක් අතුරුදන් වෙයි..

පාලමකින් ඟගකට වැටී පුද්ගලයෙක් අතුරුදන් වෙයි..

දොම්පෙ පොලිස් වසමේ, නවගමුව පාලමෙන් මාපිටිගම දෙස සිට නවගමුව දෙසට පා ගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු එම පාලමින් ගඟට වැටී අතුරුදහන් වී තිබෙනවා.

ඊයේ (23) සවස මෙලෙස පාලමින් ඟගට වැටී අතුරුදහන් වූ පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගෙන නොමැති බව පොලීසිය පවසනවා.

අදාළ පුද්ගලයා පාලම මතින් ගඟට වැටෙනු දුටු පුද්ගලයෙකු විසින් පොලිසිය දැනුවත් කර ඇත.

පොලිස් ජීවිතාරක්ෂක ඒකකය හා නාවික හමුදාවේ කිමිඳුම් ඒකකයේ සහය ඇතිව එම පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

READ:   රට රැකියා සඳහා පුද්ගලයින් 311,269ක් රටින් පිටව ගිහින්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්