Saturday, May 30, 2026
Homeදේශීයසැලෝන් ටිකත් වැහෙන ලකුණු

සැලෝන් ටිකත් වැහෙන ලකුණු

salon

රූපලාවන්‍ය උපකරණ හා අමුද්‍රව්‍ය මිල ඉහල යාමෙන් තමන්ගේ
රැකියාව කරගෙන යාමට නොහැකි වී ඇති බව රූපලාවන්‍ය ශිල්පීන් පවසනවා.

ගාල්ල දිස්ත්‍රික් රූපලාවණ්‍ය ශිල්පීමෙන් මෙලෙස මාධ්‍ය හමුවක් පවත් වමින් මේ බව
සදහන් කළ සිටියා.

තව දුරටත් ඔවුන් සදහන් කළ සිටියේ ,

ආනයනික හන්ඩ වලට ගහන විවිධ බදු නිසා ුද්‍රව්‍ය වල විශාල හුඟ කමත් තියෙනවා. රූපලාවණ්‍ය උපකරණ හා අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී කිසිම මිල පාලනයක් නොමැති නිසා ඉතා අධික මිලට එම හන්ඩ විවිධ ආයතන විකුනනවා. වෙනදට වඩා විශාල මුදලක් දැරීමට අපට දැන් ඒ වෙනුවෙන් දරන්න සිදු වෙලා. රූපලාවන්‍යාගාරයේ විදුලි බිලත් දරාගන්න බැහැ. සියලුම උපකරණ විදුලි උපකරණ නිසා යන වියදම දෙගුණ තෙගුණ වෙලා. ආණ්ඩුවට බරක් නොමැතිව අපි කරන මේ රැකියාවෙන් පවුල් විශාල ප්‍රමාණයක් නඩත්තු වෙනවා.අද අපිට මේ රැකියාව තවදුරටත් කරගෙන යාමට හැකියාවක් නැහැ. මේ පිළිබඳ කිසිම වගකිවයුතු ආයතනයක් හෝ බලධාරියෙකු අවධානය යොමුකර නැහැ. මේ රැකියාව අහිමි වුනොත් අපි කොහොමද අපේ දරුවන් දෙමව්පියන් නඩත්තු කරන්නේ.

READ:   කොදෙව්වෙන් දැවැන්ත ඉලක්කයක්
Sourcesalon
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්