පොලොන්නරුව ඇලහැර ව්‍යපාරයට අයත් අත්තනකඩවල ප්‍රදේශයේ අක්කර 125කට ආසන්න ගොඩ වගා බිම් සඳහා ජලය ලබා දීමේ වැඩපිළිවෙළක් වාරිමාර්ග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙනවා.
පසුගියදා වාරිමාර්ග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අත්තනකඩවල ප්‍රදේශයේ සංචාරයක නිරත වී ඇති අතර ප්‍රදේශයේ පවුල් 95 කට අධික සංඛ්‍යාවක් කෘෂිකර්මික කටයුතු වලට ජලය නොමැති වීමෙන් පීඩාවට පත්ව සිටීම, අමාත්‍යවරයාගේ අවධානයට ලක්ව තිබෙනවා.
ඒ අනුව අත්තනකඩවල ප්‍රදේශයේ ගොඩ ගොවිතැන සඳහා බාධාවක්ව පවතින ජල ගැටලුවට ස්ථිර විසඳුමක් වශයෙන් යාය 30 FC /1 ඇළ මාර්ග දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
රුපියල් මිලියන 63 ක වියදමින් ආරම්භ කිරීමට නියමිත 30 FC /1 ඇළ මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් ලැබී තිබෙනවා.







