Tuesday, April 21, 2026
Homeදේශීය" Jump Start Sri Lanka" වැඩසටහනෙන් තරුණ තරුණියන් 500කට ශිෂ්‍යත්ව

” Jump Start Sri Lanka” වැඩසටහනෙන් තරුණ තරුණියන් 500කට ශිෂ්‍යත්ව

ජාත්‍යන්තර රොටරි සමාජයේ වර්ථමාන සභාපතිනියගේ ශ්‍රී ලංකා සංචාරය නිමිති කොටගෙන, ශ්‍රී ලංකා රොටරි සමාජ නියෝජිතයන් හා ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරනු ලැබූ ” Jump Start Sri Lanka” ICT උපාධි වැඩසටහන යටතේ ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් 500ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ “ඩන්කන් වයිට්” ශ්‍රවණාගාරයේ දී අද දින (15) පවත්වන්නට යෙදුනි.

ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ඉතා දුෂ්කර තත්ත්වයකට පත්ව, යළිත් සෞභාග්‍යය කරා ගමන් කිරීමට වෙහෙසෙන අතරේ, ශ්‍රී ලාංකීය තාරුණ්‍ය වෙනුවෙන් , ඔවුන්ගේ සමාජ, ආර්ථික හා අධ්‍යාපනික තත්ත්වයන් නගා සිටුවීම සඳහා තරුණ කටයුතු භාර අමාත්‍යවරයා වශයෙන් ජාතික තරුණ සේවා සභාව සමඟ ඒකාබද්ධව විවිධ ව්‍යාපෘති ක්‍රියාවට නංවා ඇත.

රජයක් ලෙස කොතෙකුත් අපහසුතා මධ්‍යයේ උවද, අපේක්ෂා භංගත්වයට හා අසහනයට පත්ව සිටින රටේ තරුණ ප්‍රජාව නිපුනත්වයෙන් හෙබි පරපුරක් බවට පත් කිරීමට දරණ උත්සාහය අතර තුර, මෙවැනි වූ කාලෝචිත අවස්ථාවක දායකත්වයක් ලබාදීමට ඉදිරිපත්වීම සබැඳිව ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රධාන වර්ථමාන රජය හා ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර රොටරි සමාජයට, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා වශයෙන් හෘදයාංගම කෘතඥතාව ඵලකර සිටින අතර, අද දින ශිෂ්‍යත්ව හිමි වූ ආදරණිය දුවා දරුවන්ට තම අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා යි සුබ ප්‍රාර්ථනා කරමි.

මේ අවස්ථාව සඳහා ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපති ජෙනිෆර් ඊ. ජෝන්ස් (Jennifer E. Jones) මැතිණිය හා පුබුදු ඩී. සොයිසා මහත්මිය ප්‍රධාන ශ්‍රී ලංකා රොටරි සමාජ නියෝජිතයන්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම්, විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති ආචාර්ය ටිරාන් සිල්වා මහතා ඇතුළු නිලධාරී මහත්ම මහත්මීහු සහභාගී වූහ.

READ:   දුනු විදීම / වායු රයිෆල් සහ ටයිකොන්ඩෝ පුහුණුව සඳහා අවස්ථාවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්