Wednesday, June 10, 2026
Homeදේශීයමධු සුව විඳින 225 ගැන මිහින්තලය නායක හිමියන් හෙළි කරයි (VIDEO)

මධු සුව විඳින 225 ගැන මිහින්තලය නායක හිමියන් හෙළි කරයි (VIDEO)

පාර්ලිමේන්තුවේ 225 ක් වන මන්ත්‍රීවරුන් නඩත්තු කිරීම සඳහා මාසික කුලිය වශයෙන් රුපියල් තිස්තුන් කෝටි හැත්තෑ පන් ලක්ෂයක් ගෙවීමට සිදුව ඇති බව මිහින්තල විහාරයේ විහාරාධිපති ආචාර්‍ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් අනාවරණය කරනවා.

රජය දිනක කටයුතු සඳහා රුපියල් කෝටී එක්දහස් පනහක මුදලක් ලෝකයට ණය වන බව උන්වහන්සේ පැවසුවා.

එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාවට අවශ්‍ය සෞඛ්ය සහ ආහර ලබා ගැනීම සඳහා ඩොලර් 5 බැගින් ආධාර ලබා දෙන මෙන් ලෝකයෙන් ඉල්ලා සිටින තත්වයක් අද උදාවී ඇති බව උන්වහන්සේ ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රුපියල් 60,000 ක් දුරකථන දීමනා, රුපියල් 10,000 ක් වාහන සඳහා, නිල වහාන රථයේ වටිනාකම 1,60,00000 ක් , ලිපි ද්‍රව්‍ය සඳහා 30,000 ක්, Photocopy මැෂින් එකක් සඳහා 75,000 ක්, ජල දීමනාව 10,000 යි, 1,50,000 ක පරිගණකයක් , විදුලි දීමනාව 10,000 ක් , නිල නිවසේ මාසික කුලිය 75,000 ක් … වශයෙන් මාසික දීමනාවන් හිමි වන බව උන්වහන්සේ හෙළිදරව් කර සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා අරක්කු කඩ ලයිසන් 10 ක්, ඉන්ධන පිරවුම් හලකට කොමිස් මුදල් වශයෙන් රුපියල් කෝටියක්, කාර්යාල සේවකයින් 10 දෙනෙක් වශයෙන් ලැබෙන බවත් මාසයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රුපියල් ලක්ෂ 15 ක් ලැබෙන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒ අනුව පාර්ලිමේන්තුවේ සිටින 225 නඩත්තු කිරීම සඳහා මාසයකට කුලිය වශයෙන් රුපියල් තිස්තුන් කෝටි හැත්තෑ පන් ලක්ෂයක් ගෙවන බව උන්වහන්සේ පෙන්වා දෙනවා.

ප්‍රදේශිය සභා විසුරුවීම සඳහා මාසයකට කෝටි විස්සක් පඩි වශයෙන් ලබා දෙන බව උන්වහන්සේ ප්‍රකාශ කරනවා.

ආයතන, දෙපාර්තමේන්තු, මණ්ඩල විධායක ක්ෂේත්‍ර නිලධාරීන්ට අමතරව දේශපාලකයන් විසින් එම ආයතන තුළ වෙනම පුද්ගලයෙකු සභාපතිවරයකු ලෙස පත් කරන බවත් ඔහුට රුපියල් ලක්ෂ තිහක් මාසකට ලබා දෙන බවත් උන්වහන්සේ සඳහන් කළා.

මේ සියල්ල හොරකම් ජාවාරම් දුෂණ වංචා වලට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් සඳහා හිමි වන බව මිහින්තලය මහ නායක හිමියන් හෙළිදරව් කර සිටියා.

READ:   රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමිව පිණ්ඩපාත චාරිකාවක්

රට විනාශයට ප්‍රපාතයට වැටී තිබියදීත් පාලකයන් මේ තත්වයට ජනතාව ඇද දමා ඇති බවත් විශාල ලෙස මහජන මුදල් විනාශ කර දමන බවත් උන්වහන්සේ පෙන්වා දෙනවා.

පළාත් නවය තුළ සිටින පළාත් සභා සභාපතිවරු.. ආණ්ඩුකාරවරු සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල, යාන වාහන ඒ සියල්ල හිමි වෙන බවත් මේ තරම් කාර්ය මණ්ඩලයක් සිටින රට අද සුරපුරයක් බවට පත්ව ඇතිද? යන්න උන්වහන්සේ ප්‍රශ්න කර සිටිනවා.

පිනට පඩි ගන්න හොරු ටිකක් දාගෙන අපිට සල්ලි නෑ නඩත්තු කිරීමට විදහක් නෑ යැයි කියන බව උන්වහන්සේ ප්‍රකාශ කරනවා.

මේ අයගෙන් 1000 ක් රටට සේවය කර අද විශ්‍රාම සුවය විදින බව උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒ අතර

හේමා ප්‍රේමදාස (ප්‍රේමදාස ආර්යාව) මාසයකට ලක්ෂ 50 ක් , චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ.. මේ සියලුම දෙනා එලෙස විශ්‍රාම ලබා ගන්න බව උන්වහන්සේ පෙන්වා දෙනවා.

රට කරවන අයට මාසයක කාලයක් ලබා දෙන බවත් රටේ දෙසිය විස්සක් වන ජනතාව ගැන සිතා ජනතාවට සහන ලබා දිය යුතු බවත් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියා. මිනිස්සුන්ට සහන නොදී දිගටම මෙලෙස කටයුතු කරනවා නම් එලවාදැමීමට සිදු වන බවත් උන්වහන්සේ අවධාරණය කර සිටියා.

ඒ සඳහා සියලු ජාතින් එක්ව පෙලගැසෙමින් එය සිදු කරන බව මිහින්තලය මහ නායක හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

සම්පූර්ණ වීඩියෝව පහතින්,

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්