Sunday, July 26, 2026
Homeදේශීය'මැන්ඩවුස්' නිසා තද වැසි සමඟ සුළං

‘මැන්ඩවුස්’ නිසා තද වැසි සමඟ සුළං

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (ත්‍රිකුණාමලය සිට කි.මී. 240ක් පමණ ඊසාන දෙසින්) ස්ථාපිත වී පවතින “මැන්ඩවුස්” චණ්ඩ සුළි කුණාටුව ඊයේ ප.ව. 11.30 වන විට අක්ෂාංශ 10.6N සහ දේශාංශ 82.3Eආසන්නයේ ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කර දෙසැම්බර් 09 රාත්‍රී කාලය වන විට නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව සඳහන්.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතී.

උතුරු පළාතේ නිරන්තර වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි. මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වේ.බස්නාහිර සහ වයඹ පළාත් වලත්, නුවර එළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (60-70) පමණ තද සුළං බලාපොරොත්තු විය හැකියි.

READ:   වෙසක් එකට රට පුරා දන්සැල් 7160ක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්