Tuesday, April 28, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟයේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟයේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තවත් තරඟයක් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අද (01) පැවැත්වුණා.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 144 ක් ලබාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 03 ක් සහ ළහිරු කුමාර කඩුලු 02 ක් ලබාගත්තා.

ලකුණු 145 ක ජයග්‍රහී ඉලක්කයක් පසුකරයෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04 ක් දැවී 19 වන පන්දුවාරයේදී එම ඉලක්කය පසු කර ගියා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රිඩා කළ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 66 ක් ලබාගත්තා.

ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලානයේ ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර අද පැවති තරඟය කඩුලු 6 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

READ:   ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත තද වැසි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්