Wednesday, September 9, 2026
Homeදේශීයත්‍රී රෝද රථ ගාස්තුව පහළට

ත්‍රී රෝද රථ ගාස්තුව පහළට

ත්‍රීරෝද රථ සඳහා ලබාදීමට නියමිත ඉන්ධන සහනය හේතුවෙන් ත්‍රී රෝද රථ ධාවනයේදී මඟින්ගෙන් පළමු කිලෝ මීටරය සඳහා අයකරන ගාස්තුව රුපියල් 20 කින් පහළ දැමීමට සමස්ථ ලංකා ත්‍රී රෝද රථ සංගමය තීරණයකර තිබෙනවා. 

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ වලට සතියක් සඳහා මෙතෙක් ලබාදුන් ඉන්ධන ලීටර් 05ක ප්‍රමාණය ලීටර් 10ක් දක්වා වැඩි කිරීමට තීරණය කළ අතර එළඹෙන නොවැම්බර් 13 වනදා සිට දිවයින පුරා ත්‍රී රෝද රථ සඳහා මෙම ඉන්ධන සහනය ලබාදෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කර තිබුණේ.

අදාළ ඉන්ධන සහනය හේතුවෙන් මෙලෙස පළමු කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව පහළ දැමීමට තීරණය කළ බව ත්‍රී රෝද රථ සංගමය ප්‍රකාශ කළා.

READ:   BREAKING NEWS: අස්වැසුව ප්‍රශ්නය විසදන්න, හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ඉල්ලීමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්