Thursday, August 13, 2026
HomeදේශීයTwitter සහ "Threads" හැප්පෙයි..

Twitter සහ “Threads” හැප්පෙයි..

ෆේස්බුක් මව් සමාගම වන මේටා සමාගම විසින් පසුගියදා එළිදැක්වූ “Threads” මෙවලමට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව ට්විටර් සමාගමේ ප්‍රධානී ඊලොන් මස්ක් පවසනවා.

බුද්ධිමය දේපල කපටි හා නීතිවිරෝධී ආකාරයෙන් මේටා සමාගම විසින් අවභාවිත කර ඇති බව ඔහු ප්‍රකාශ කරනවා.

ට්විටර් සමාගමේ අතිශ්‍ය රහස්‍ය තොරතුරු දැන සිටි එහි හිටපු සේවකයින් මෙටා සමාගමට බඳවා ගෙන ඇති බවට එම සමාගම චෝදනා කරනවා.

එම සේවකයින්ගේ සහයෙන් “copycat” මෙවලමක් නිර්මාණය කර ඇති බවයි ට්විටර් නිර්මාතෘවරයා පවසන්නේ.

ට්විටර් ට සමාන මෙවලමක් ලෙස මෙටා සමාගම විසින් පසුගිය 5 වනදා Threads මෙවලම හඳුන්වා දුන් අතර.

මේ වන විට එහි මිලියන 30කට වඩා වැඩි පිරිසක් එක්ව සිටින බව සඳහන් වේ.

මාර්ක් සකර්බර්ග් වෙත ලිපියක් ඉදිරිපත් කරමින් ට්විටර් සමාගම විසින් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව දන්වා ඇත.

“තරගකාරීත්වය හොද වුවද වංචාව නරක බවයි ” ඊලොන් මස්ක් පවසන්නේ.

file
READ:   ළදරුවන් 30ක් විකිණූ සැකකරු අත්අඩංගුවට Baby Farmer arrested
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්