Wednesday, May 27, 2026
Homeදේශීයනාවලපිටිය විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්

නාවලපිටිය විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් “එක්ව නැගිටිමු” නමින් පවත්වනු ලබන තවත් රැළියක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් ඊයේ (16) නාවලපිටියේදී සංවිධානය කර තිබුණා.

මෙම රැළිය පැවැත්වීමට විරෝධය දක්වමින් විරෝධතාකරුවන් පිරිසක් නාවලපිටිය දිස්ත්‍රීක් රෝහල අසලින් උද්ඝෝෂණයක් ආරම්භ කළ අතර පොලිස් අනනොතකා විරෝධතාකරුවන් නාවලපිටිය නගරය දෙසට ගමන්කිරීමේදී විරෝධතාකරුවන් කිහිපදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූ බව වාර්තා වුණා.

මෙලෙස විරෝධතාකරුවන් පොලිස් අත්අඩංගුවට ගැනීම පිලිබඳව පොලිස් මාධ්‍ය අංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති අතර එක් දේශපාලන පක්ෂයක් පවත්වන ජනහමුවක් ඉදිරියෙන් තවත් දේශපාලන පක්ෂයක විරෝධතාකරුවන් පිරිසක් ගමන් කිරීම නිසා ඇතිවිය හැකි ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගෙන නාවලපිටිය පොලිස් ස්ථානය විසින් විරෝධතාකරුවන් 15 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගත් බව පොලිස් නිවේදනයේ සඳහන් වෙනවා.

අදාළ නිවේදනය පහතින්,

READ:   ගොවි පවුල් 100 ක, අක්කර 125ක වගාව වෙනුවෙන් මිලියන 63ක ඇළ මාර්ගයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්