Tuesday, August 25, 2026
Homeදේශීයවැසි සහිත කාලගුණය තවදුරටත් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

වැසි සහිත කාලගුණය තවදුරටත් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

දිවයිනේ පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් පවතින බව දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75 වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   විදෙස් ශ්‍රමිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන අනයනය කිරීමට බලපත්‍රයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්