Saturday, April 18, 2026
Homeදේශීයබැසිල් සහ ජනපති අතර දුරකථන සංවාදයක්

බැසිල් සහ ජනපති අතර දුරකථන සංවාදයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර ඊයේ දුරකථයෙන් සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඉදිරි මහමැතිවරණයක් පැවැත්වෙන්නේ නම් සන්ධානගත වන්නේ කෙසේද යන්න මෙහිදී මූලිකවම සාකච්ඡා කර තිබේ.මෙහිදී නාම යෝජනා ලබාදීමේදී එක්සත් ජාතික පක්ෂය හා එහි නායකයා විවේචනය කරන හෝ පක්ෂය අත හැර යන කිසිවෙකුටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ශවයෙන් නාම යෝජනා ලබා නොදීමටත් ,ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විවේචනය කර එක්සත් ජාතික පක්ෂ පාර්ශවයෙන් නාමයෝජනා ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින මන්ත්‍රීවරුන්ට එසේ නාම යෝජනා ලබා නොදීමටත් තීරණය කර ඇත.

යම් හෙයකින් ඉදිරි මැතිවරණ සදහා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වන්නේ නම් එකී පක්ෂ වල නියෝජිතයින්ට නාම යෝජනා හිමිවන්නේ එම පක්ෂ වලට ලබා දෙන කෝඨාවෙන් පමණක් බව මෙහිදී තීරණයකට පැමිණ ඇති බව එම දේශපාලන ආරංචිමාර්ග වැඩි දුරටත් පැවසීය.

උපුටා ගැනීම

READ:   උසස් පෙළ විෂයන් 12ක පිළිතුරු ඇගයීම් ආරම්භ කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්