Tuesday, July 21, 2026
Homeදේශීයවහාම ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිළ පහළට

වහාම ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිළ පහළට

වහම ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිළ පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ලීටරය රුපියල් 40 කින් පහත දමා ඇති අතර ලීටරයක නව මිළ රුපියල් 370 ක් වෙනවා.

ලංකා සුදු ඩීසල් ලීටරය රුපියල් 15 කින් මිළ පහත දමා ඇති අතර නව මිල රුපියල් 415 ක් වෙනවා.

එමෙන්ම,

ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිළ – 510

ලංකා සුපර් ඩීසල් ලීටරයක නව මිළ – 510

භූමිතෙල් ලීටරයක නව මිළ රුපියල් – 340

ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක නව මිළ – 646 ක්

වන පරිදි ඉන්ධන මිළ ගනන් පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කරණු ලැබුවා.

මෙම සංශෝධිත මිළ ගණන් අද (17 ) රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

අදාළ නිවේදනය පහතින්,

READ:   ධනුෂ්ක ගුණතිලක ගැන අධිකරණයෙන් තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්