Saturday, October 17, 2026
Homeදේශීයවේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට පත්වුණා.

අසනීප තත්ත්වයෙන් පසුවූ එම හස්තිරාජයා සියඹලන්ගමුව ප්‍රදේශයේ ඇදවැටී සිටියදී හමුවුණා.

ගල්ගමුව ප්‍රදේශයේ ජීවත් වන මෙම ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය කාලයේ ගැටලු මතුව තිබූ අතර, ඔහුගේ ඉදිරි දකුණු පාදයේ වෙඩි වැදීමකින් ඇති වූ බව කියන තුවාලයකට පසුගිය 24 වැනිදා පස්වරුවේ සිට ප්‍රතිකාර ආරම්භ කර තිබුණා.

පාදයේ තුවාලය යම්තාක් දුරට සුව වී තිබුණත්, පසුගිය දින කිහිපයේ ආහාර නොගැනීම ඇතුළු වෙනත් රෝගී ලක්ෂණ ඇතාගෙන් නිරීක්ෂණය වූ බව පශු වෛද්‍ය කණ්ඩායම් ප්‍රකාශ කර තිබෙනවා . – itn news

READ:   ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානය හමුවේ අමිහිරි පරාජයක් ලබයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්