දේශීය

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ඛනිජ වැලි සංගමයේ (SLMSA) සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

file

ඛනිජ සම්පත් ගවේෂණය, කැණීම් සහ අගය එකතු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, මෙරට ඛනිජ සම්පත ජාතික ආර්ථිකයේ වර්ධනයට සහ අපනයන ආදායම ඉහළ නංවා ගැනීමට විධිමත් ලෙස උපයෝගී කර ගැනීම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

file

දේශීය නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයන් ශක්තිමත් කිරීම වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය, ආයෝජකයන් සඳහා සහන ලබා දීම මෙන්ම පර්යේෂණ හා සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීම පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු විය.

file

විදේශීය සහ දේශීය ආයෝජන ආකර්ෂණය කර ගනිමින් ක්ෂේත්‍රය තුළ මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට ගත යුතු කඩිනම් පියවර පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර, කැණීම් සඳහා බලපත්‍ර ලබා ගැනීම ඇතුළු රාජ්‍ය ආයතන සමග කටයුතු කිරීමේදී ආයෝජකයින්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.

එසේම, පැවති ප්‍රතිපත්තියේ ගැටලු පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර ආයෝජන කැඳවා ගැනීමේදී ඉතා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව සහ අදාළ සියලු ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජේ.ජී.එල්. සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරු සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති සමන් ජයසිංහ, අධ්‍යක්ෂ ජනරාල් එන්. බණ්ඩාර යන මහත්වරු ඇතුළු නිලධාරීන්ද, ශ්‍රී ලංකා ඛනිජ වැලි සංගමයේ (SLMSA) සභාපති මංගල පී.බී. යාපා, උප සභාපති ඒලියන් වින්ස්ටන් ගුණවර්ධන යන මහත්වරු ඇතුළු සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

3 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

4 days ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

6 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

7 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

7 days ago