දේශීය

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ඛනිජ වැලි සංගමයේ (SLMSA) සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

file

ඛනිජ සම්පත් ගවේෂණය, කැණීම් සහ අගය එකතු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, මෙරට ඛනිජ සම්පත ජාතික ආර්ථිකයේ වර්ධනයට සහ අපනයන ආදායම ඉහළ නංවා ගැනීමට විධිමත් ලෙස උපයෝගී කර ගැනීම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

file

දේශීය නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයන් ශක්තිමත් කිරීම වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය, ආයෝජකයන් සඳහා සහන ලබා දීම මෙන්ම පර්යේෂණ හා සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීම පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු විය.

file

විදේශීය සහ දේශීය ආයෝජන ආකර්ෂණය කර ගනිමින් ක්ෂේත්‍රය තුළ මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට ගත යුතු කඩිනම් පියවර පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර, කැණීම් සඳහා බලපත්‍ර ලබා ගැනීම ඇතුළු රාජ්‍ය ආයතන සමග කටයුතු කිරීමේදී ආයෝජකයින්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.

එසේම, පැවති ප්‍රතිපත්තියේ ගැටලු පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර ආයෝජන කැඳවා ගැනීමේදී ඉතා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව සහ අදාළ සියලු ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජේ.ජී.එල්. සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරු සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති සමන් ජයසිංහ, අධ්‍යක්ෂ ජනරාල් එන්. බණ්ඩාර යන මහත්වරු ඇතුළු නිලධාරීන්ද, ශ්‍රී ලංකා ඛනිජ වැලි සංගමයේ (SLMSA) සභාපති මංගල පී.බී. යාපා, උප සභාපති ඒලියන් වින්ස්ටන් ගුණවර්ධන යන මහත්වරු ඇතුළු සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Recent Posts

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

2 hours ago

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

22 hours ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…

23 hours ago

වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක

රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…

1 day ago

හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…

1 day ago

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය ගැන ජනපති ශෝකය පළ කරයි

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…

5 days ago