file
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය බලවත් ශෝකය පළ කර තිබේ.
ජනාධිපතිවරයා සිය X ගිණුමේ පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, නේපාලයට බලපෑ විනාශකාරී ගංවතුරෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව තමන් අතිශයින් කනගාටුවට පත්වන බවයි.එමෙන්ම, ගලවා ගැනීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
මීට මාස 10කට පෙර මාරාන්තික සුළි කුණාටුවකට මුහුණ දී තවමත් යථා තත්ත්වයට පත්වෙමින් සිටින රටක් ලෙස නේපාල ජනතාවගේ ශෝකය ශ්‍රී ලංකාවද බෙදා ගන්නා බව ජනාධිපතිවරයා සිය පණිවුඩයේ සඳහන් කර ඇත.
නේපාල රජය, අග්‍රාමාත්‍යවරයා ඇතුළු නේපාල ජනතාව වෙත ශ්‍රී ලංකාවේ සහ තමන්ගේ බලවත් ශෝකය පළ කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…