file
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය බලවත් ශෝකය පළ කර තිබේ.
ජනාධිපතිවරයා සිය X ගිණුමේ පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, නේපාලයට බලපෑ විනාශකාරී ගංවතුරෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව තමන් අතිශයින් කනගාටුවට පත්වන බවයි.එමෙන්ම, ගලවා ගැනීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
මීට මාස 10කට පෙර මාරාන්තික සුළි කුණාටුවකට මුහුණ දී තවමත් යථා තත්ත්වයට පත්වෙමින් සිටින රටක් ලෙස නේපාල ජනතාවගේ ශෝකය ශ්‍රී ලංකාවද බෙදා ගන්නා බව ජනාධිපතිවරයා සිය පණිවුඩයේ සඳහන් කර ඇත.
නේපාල රජය, අග්‍රාමාත්‍යවරයා ඇතුළු නේපාල ජනතාව වෙත ශ්‍රී ලංකාවේ සහ තමන්ගේ බලවත් ශෝකය පළ කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…