Thursday, September 10, 2026
Homeදේශීයමුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් - නේපාලයේ...

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය ගැන ජනපති ශෝකය පළ කරයි

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය බලවත් ශෝකය පළ කර තිබේ.

ජනාධිපතිවරයා සිය X ගිණුමේ පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, නේපාලයට බලපෑ විනාශකාරී ගංවතුරෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව තමන් අතිශයින් කනගාටුවට පත්වන බවයි.එමෙන්ම, ගලවා ගැනීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

මීට මාස 10කට පෙර මාරාන්තික සුළි කුණාටුවකට මුහුණ දී තවමත් යථා තත්ත්වයට පත්වෙමින් සිටින රටක් ලෙස නේපාල ජනතාවගේ ශෝකය ශ්‍රී ලංකාවද බෙදා ගන්නා බව ජනාධිපතිවරයා සිය පණිවුඩයේ සඳහන් කර ඇත.

නේපාල රජය, අග්‍රාමාත්‍යවරයා ඇතුළු නේපාල ජනතාව වෙත ශ්‍රී ලංකාවේ සහ තමන්ගේ බලවත් ශෝකය පළ කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

READ:   ජනපති චීනෙට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්