දේශීය

මට තවමත් හමුදාවට අණ දිය හැකියි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාහමුදා සාමාජිකයන්ගේ සේවා කාලයත් දීර්ඝ කළ යුතු බවට යෝජනාවක්

විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සේවා කාලයද දීර්ඝ කිරීම පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ, හමුදා සාමාජිකයන් බොහෝ දෙනෙකු වසර 20ක පමණ සේවා කාලයකින් පසු විශ්‍රාම යාම හේතුවෙන්, ඔවුන්ගේ ජීවිතයේ වඩාත්ම වගකීම් සහිත අවධියක සමාජීය හා ආර්ථික අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බවයි.හමුදා සෙබළුන් වසර 20කින් විශ්‍රාම යන විට ඔවුන්ගේ වයස අවුරුදු 45ක් පමණ වෙනවා. ඒ කාලය තමයි දරුවන් විභාගවලට පෙනී සිටින, පවුලේ වැඩිම වගකීම් තියෙන කාලය. ඒ වයසේදී අලුතින් රැකියාවක් සොයා ගැනීමත් පහසු නැහැ. යැයි ෆොන්සේකා මහතා සඳහන් කළේය.

ලෝකයේ දියුණු රටවල හමුදා සේවා ක්‍රමවේදයන් පිළිබඳ සඳහන් කරමින් ඔහු ප්‍රකාශ කළේ, ඇමරිකාව වැනි රටවල ඉහළ හමුදා නිලධාරීන් වැඩි වයසක් දක්වා සේවය කරන බවයි.
“මම හමුදා සේවයෙන් ඉවත් වෙලා දැන් අවුරුදු 20ක් වෙනවා. ඒත් මට අදත් හමුදාවට අණ දෙන්න පුළුවන්. කායිකවත් මානසිකවත් මම හොඳ තත්ත්වයක ඉන්නවා.”යනුවෙන්ද ෆීල්ඩ් මාර්ෂල්වරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම, රජයේ සේවකයන්ගේ විශ්‍රාම වයස තවත් වසර කිහිපයකින් දීර්ඝ කිරීමෙන් ඔවුන් සතු පළපුරුද්ද සහ විශේෂඥතාව රටේ සංවර්ධනය සඳහා වැඩි වශයෙන් යොදාගත හැකි බවද ඔහු අවධාරණය කළේය.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

10 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

11 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago