Categories: දේශීය

ධුරකාලය අවසන් කර ලංකාවට සමු දෙන චීන තානාපති විපක්ෂ නායක හමුවෙලා යන්න එයි

සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා අතර සුහද හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. මෙම හමුවේ දී මෙරට චීන තානාපති චී ෂෙන්හොං මහතා සිය ධුර කාලය තුළ ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට දැක්වූ දායකත්වය පිළිබඳ ව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ස්තූතිය පළ කර සිටියේය. දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගීතාව, ආයෝජන, වෙළෙඳාම, සංවර්ධන ආධාර සහ දෙරට අතර අඛණ්ඩ සබඳතා පවත්වා ගෙන යාමේ වැදගත්කම පිළිබඳ ව ද මෙහි දී දෙපාර්ශ්වය අතර අදහස් රැසක් හුවමාරු විය. එසේ ම චීන තානාපති චී ෂෙන්හොං මහතාගේ ඉදිරි කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කළ විපක්ෂ නායකවරයා ශ්‍රී ලංකාව සහ චීනය අතර නිර්මාණාත්මක සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරීත්වයක් පවත්වා ගෙන යාමේ වැදගත්කම ද නැවත නැවතත් මෙහි දී අවධාරණය කළේය.-opossition leader media

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago