සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා අතර සුහද හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. මෙම හමුවේ දී මෙරට චීන තානාපති චී ෂෙන්හොං මහතා සිය ධුර කාලය තුළ ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට දැක්වූ දායකත්වය පිළිබඳ ව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ස්තූතිය පළ කර සිටියේය. දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගීතාව, ආයෝජන, වෙළෙඳාම, සංවර්ධන ආධාර සහ දෙරට අතර අඛණ්ඩ සබඳතා පවත්වා ගෙන යාමේ වැදගත්කම පිළිබඳ ව ද මෙහි දී දෙපාර්ශ්වය අතර අදහස් රැසක් හුවමාරු විය. එසේ ම චීන තානාපති චී ෂෙන්හොං මහතාගේ ඉදිරි කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කළ විපක්ෂ නායකවරයා ශ්‍රී ලංකාව සහ චීනය අතර නිර්මාණාත්මක සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරීත්වයක් පවත්වා ගෙන යාමේ වැදගත්කම ද නැවත නැවතත් මෙහි දී අවධාරණය කළේය.-opossition leader media
නවතම වීඩියෝ
-
හිතාගන්නවත් බැරිතරමට අනුරට පොළොන්නරුවේදී ලැබුනු ආදරය.
-
අපේ පරම හතුරෙක් වුනත් අත්අඩංගුවට ගන්නවා නම් අපි පැකිලෙන්නෑ.පොහොට්ටු වේදිකාවේ ගම්මන්පිල කියපු කතාව.
-
🚨BREAKING නොසිතු ලෙස නාමල් අනුරාධපුර පොහොට්ටු රැළිය අමතයි.මෙන්න රටටම කිව්ව කථාව.
-
🔴ජනපති එක්වු ගොවි ජන රැලිය අතුරු සිදුරු නැතිව පිරිගිය ආකාරය ඩ්‍රෝන කැමරාවට පෙනුනු හැටි.


