file
නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටාගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගත් දේශපාලනඥයන්, නීතිඥවරු, පොලීසියේ ඉහළ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් කොටුකර ගැනීමට මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කරනු ලබන එම විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද සහය ලැබෙනු ඇති බව ආරංචිමාර්ග සඳහන් කළේය.
ඒ අනුව ඉදිරියේදී හරක් කටාගෙන් ඒ සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රකාශයක් ලබා ගැනීමට ද නියමිතව ඇත. ඒ ඔහු විටින් විට දේශපාලනඥයන් සහ පොලීසියේ හිටපු ඉහළ නිලධාරීන්ගේ නම් පවසා ඇති බැවින්, ඒ ගැන සවිස්තර තොරතුරු ද දැනගැනීමේ අපේක්ෂාව ඇතිවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ හරක් කටා රඳවා සිටි කාලයේදී එකල එහි ප්‍රධානීන් ලෙස සේවය කළ ඉහළ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ඔහුගෙන් මුදල් ලබාගෙන ඇති බව කියැවෙන බවත්, ඒ ගැන ද මේ වන විට සොයා බලමින් ඇති බවත් පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේය.
එම නිලධාරීන් කිසිවකුත් දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නොමැති බවත්, එක් උසස් නිලධාරියකුගේ පවුලේ මළගෙදරකට මුළුමනින්ම හරක් කටා විසින් වියදම් කළ බව කියන සිදුවීමක් ගැන ද සොයා බලමින් සිටින බව සඳහන්ය.
හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී ඔහුගෙන් ජීවත් වූ පොලීසියේ සහ දේශපාලනඥයන් පිරිසක් සිට ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විරෝධය පෑ පොලිස් නිලධාරීන්ට අඩන්තේට්ටම් පවා සිදුව ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.
ගයාන් කුමාර වීරසිංහ
උපුටාගැනීම: දිනමිණ
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…