දේශීය

අමෙ­රි­කා­වෙන් නාවික හමු­දා­වට ‘Fleet Broadband’ චන්ද්‍රිකා සන්නි­වේ­දන පද්ධ­ති­යක්–වටි­නා­කම ඩොලර් මිලි­යන 4කට ආස­න්නයි

ශ්‍රී ලංකා නාවික හමු­දාවේ මෙහෙ­යුම් ධාරි­තාව සහ සන්නි­වේ­දන සබ­ඳතා තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින්, අමෙ­රිකා එක්සත් ජන­ප­දය විසින් ‘Fleet Broadband’ චන්ද්‍රිකා සන්නි­වේ­දන පද්ධ­ති­යක් ශ්‍රී ලංකා නාවික හමු­දාව වෙත නිල වශ­යෙන් පිරි­න­මනු ලැබ තිබේ.

file

මෙම නවීන තාක්‍ෂ­ණික දාය­ක­ත්වය මඟින් ශ්‍රී ලංකා නාවික හමු­දාවේ ගැඹුරු මුහුදු ආවේ­ක්‍ෂණ නෞකා බල­ඇ­ණියේ (Offshore Patrol Fleet) සමු­ද්‍රීය සන්නි­වේ­දන හැකි­යා­වන් සහ නිරී­ක්‍ෂණ මෙහෙ­යුම් ක්ෂේත්‍රය සැල­කිය යුතු ලෙස ඉහළ නැංවෙනු ඇත. මෙම ප්‍රදා­නය පිළි­බඳ නිල ප්‍රකා­ශය පසු­ගිය 22 වැනිදා කොළඹ වරායේ නැංගු­රම්ලා ඇති ශ්‍රී ලංකා නාවික හමු­දාවේ ගජ­බාහු (SLNS Gajabahu) නෞකාවේ විශේෂ පිළි­ගැ­නීමේ උත්ස­ව­ය­කදී සිදු කෙරිණි.

file

මෙම අව­ස්ථාව සඳහා ආර­ක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙන­රාල් අරුණ ජය­සේ­කර (විශ්‍රා­මික) සහ දකුණු හා මධ්‍යම ආසි­යානු කට­යුතු පිළි­බඳ එක්සත් ජන­පද සහ­කාර රාජ්‍ය ලේකම්, ආචාර්ය එස්. පෝල් කපූර් (Dr. S. Paul Kapur) යන මහ­ත්ව­රුන් සහ දෙරට නියෝ­ජ­නය කර­මින් ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීහු පිරි­සක් සහ­භාගි වූහ. පැමිණි සම්භා­ව­නීය අමු­ත්තන් නාවික හමු­දා­පති වයිස් අද්මි­රාල් කාංචන බාන­ගොඩ විසින් ඉතා උණු­සුම් අයු­රින් පිළි­ගනු ලැබීය.

file

මෙහිදී අද­හස් දැක්වූ ආචාර්ය පෝල් කපූර් ප්‍රකාශ කළේ, ලොව කාර්ය­බ­හු­ලම නැව් මාර්ග කිහි­ප­යක සමු­ද්‍රීය සන්නි­වේ­දන සබ­ඳතා ශක්ති­මත් කිරීම සඳහා අමෙ­රිකා එක්සත් ජන­ප­දය විසින් ශ්‍රී ලංකා නාවික හමු­දාව වෙත මෙම Fleet Broadband චන්ද්‍රිකා සන්නි­වේ­දන තාක්‍ෂ­ණය ලබා දෙන බවයි. දළ වශ­යෙන් අ‍ෙම­රි­කානු ඩොලර් මිලි­යන 4ක් පමණ වටිනා මෙම චන්ද්‍රිකා සන්නි­වේ­දන පද්ධ­තිය ශ්‍රී ලංකා නාවික හමු­දාවේ ගැඹුරු මුහුදු ආවේ­ක්‍ෂණ නෞකා (OPVs) තුළ ස්ථාප­නය කිරී­මට නිය­මි­තය.

අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ උසස් චන්ද්‍රිකා සන්නි­වේ­දන තාක්‍ෂ­ණ­යෙන් බල­ගැ­න්වෙන මෙම Fleet Broadband පද්ධ­තිය මඟින් ගැඹුරු මුහු­දේදී සිදු කරන ක්‍රියා­න්වි­ත­ව­ලදී පවා විශ්ව­ස­නීය හඬ, දත්ත සහ තොර­තුරු හුව­මා­රුව සහ­තික කර­මින් ආර­ක්‍ෂි­තව නැවෙන් – නැවට (ship-to-ship) සහ නැවේ සිට ගොඩ­බි­මට (ship-to-shore) සන්නි­වේ­ද­නය කිරී­මට පහ­සු­කම් සලසා දෙන අතර, නාවික හමුදා මූල­ස්ථා­නය, ගුවන් යානා සහ ඉන්දි­යන් සාගර කලා­පය (IOR) පුරා යොදවා ඇති නෞකා අතර තත්‍ය කාලීන (real-time) සම්බ­න්ධ­තා­වක් පවත්වා ගැනී­මට හැකි­යාව ලැබේ.

මෙහිදී අද­හස් දැක්වූ ආර­ක්‍ෂක නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා අව­ධා­ර­ණය කළේ, මෙම Fleet Broadband පද්ධ­තිය හඳුන්වා දීම ශ්‍රී ලංකාවේ සමු­ද්‍රීය ක්ෂේත්‍ර පිළි­බඳ දැනු­ව­ත්භා­වය (maritime domain awareness) සැල­කිය යුතු ලෙස ඉහළ නැංවී­මක් බවයි. එය ශ්‍රී ලංකාව සහ එක්සත් ජන­ප­දය අතර පව­තින ආර­ක්‍ෂක සහ­යෝ­ගි­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

උපා­ය­මා­ර්ගි­කව වැද­ගත් වන සමු­ද්‍රීය මාර්ග ඔස්සේ සිදු­වන ක්‍රියා­කා­ර­කම් නිරී­ක්‍ෂ­ණය කිරී­මෙ­හිලා ශ්‍රී ලංකා නාවික හමු­දාව තීර­ණා­ත්මක කාර්ය­භා­ර­යක් ඉටු කරන බව කී ඒ මහතා, මෙම Fleet Broadband චන්ද්‍රිකා සන්නි­වේ­දන පද්ධ­තිය මඟින් නාවික හමු­දාවේ බළ­ඇණි පුරා අඛණ්ඩ සන්නි­වේ­ද­න­යක් පවත්වා ගැනී­ම­ටත්, කලා­පීය හවු­ල්ක­රු­වන් සමඟ කඩි­න­මින් තොර­තුරු හුව­මාරු කර ගැනී­ම­ටත් ඇති හැකි­යාව සැල­කිය යුතු ලෙස වැඩි­දි­යුණු වන බවද අව­ධා­ර­ණය කළේය.

මෙලෙස ඉහළ නංවන ලද සන්නි­වේ­දන පද්ධ­තිය මඟින් නීති­වි­රෝධි සමු­ද්‍රීය ක්‍රියා­කා­ර­කම් සඳහා වඩාත් සම්බ­න්ධී­ක­ර­ණය වූ ප්‍රති­චාර දැක්වීම් මෙන්ම අමෙ­රිකා එක්සත් ජන­පද සහ ගෝලීය සැප­යුම් මාර්ග­වල අඛණ්ඩ ආර­ක්‍ෂාව සහ විශ්ව­ස­නී­ය­ත්වය සහ­තික කරනු ඇති බවද ඔහු වැඩි­දු­ර­ටත් කියා සිටි­යේය.

මෙම අව­ස්ථා­වට ශ්‍රී ලංකාවේ අමෙ­රිකා එක්සත් ජන­පද තානා­පති කාර්යා­ලයේ කාර්ය­භාර නිල­ධා­රිනි (Chargé d’Affaires) Jayne Howell මෙණෙ­විය, අමෙ­රිකා එක්සත් ජන­පද තානා­පති කාර්යා­ලයේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන්, ආර­ක්‍ෂක අමා­ත්‍යාං­ශයේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන් සහ ශ්‍රී ලංකා නාවික හමු­දාවේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීහු පිරි­සක් ද සහ­භාගි වූහ.

රක්ෂණ ශ්‍රියන්ත

:උපුටාගැනීම – දිනමිණ

Recent Posts

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

3 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

3 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

5 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

6 days ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

6 days ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

6 days ago