දේශීය

විමල්-උදය-දිලිත් අධි­ක­ර­ණ­යට අප­හාස කරලා?-CIDයෙන් උසාවියට වාර්තාවක්

මහින්ද පති­රණ-සුගී­ශ්වර – අසං­කගේත් නම් ඇතු­ළත්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් සිදු­ක­රන විම­ර්ශන සහ අධි­ක­රණ ක්‍රියා­ව­ලි­යට බාධා කිරීම හා බල­පෑම් කිරීම සම්බ­න්ධ­යෙන් හිටපු අමා­ත්‍ය­ව­රුන්  සහ මන්ත්‍රී­ව­රුන් වන විමල් වීර­වංශ, උදය ගම්ම­න්පිල, අසංක නව­රත්න, දිලිත් ජය­වීර සහ මහින්ද පති­රණ, සුගී­ශ්වර බණ්ඩාර යන අය විසින් සිදු­කර ඇති ප්‍රකාශ ඇතු­ළත් සංස්ක­ර­ණය නොකළ වීඩියෝ දර්ශන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට  ලබා­දෙන ලෙස රූප­වා­හිනී  මාධ්‍ය ආය­තන 10කට කොටුව ම‍හේස්ත්‍රාත් පසන් අම­ර­සේන මහතා ඊ‍යේ (15) නියෝග කළේය.

මේ සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇතැයි  අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් පිටු 17ක වාර්තා­වක් ගොනු­ක­ර­මින් අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කරනු ලැබීය.

මෙම විම­ර්ශ­න­යට අග­ති­දා­යක ලෙස දේශ­පා­ල­න­යට සම්බන්ධ පුද්ග­ල­ය­න්ගෙන් සම­න්විත  කණ්ඩා­ය­මක් විසින් ඔවුන්ගේ සැල­සුම් සහ­ගත ක්‍රියා­දා­ම­යන් සිදු කර­මින් අධි­ක­ර­ණයේ සිදු කෙරෙන යුක්තිය පසි­ඳ­ලීමේ ක්‍රියා­දා­ම­යට මහ­ජන අප්‍ර­සා­ද­යක් සැක­යක් සහ අප්‍ර­සා­ද­යක් වන අයු­රින් හා අධි­ක­ර­ණය කෙරෙහි මහ­ජන විරෝ­ධ­තා­වක් ඇති­කි­රීමේ අර­මුණ ඇතිව පසු­ගිය 7 සිට මේ දක්වා ප්‍රකාශ සිදු කර ඇතැ­යිද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණය හමුවේ සඳ­හන් කළේය.

සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ ප්‍රකාශ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන සිදු කරන බවද පොලී­සිය සඳ­හන් කළේය. චෝදනා එල්ලවී සිටින පිරි­සට  ලබන ජූලි මස 01දා අධී­ක­ර­ණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කරන ලෙස අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව  කළ ඉල්ලීම මෙහිදී කොටුව මහේ­ස්ත්‍රාත් පසන් අම­ර­සේන මහතා ප්‍රති­ක්ෂේප කළේය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මෝස­මක් ගොනු කර­මින් සිදු කළ එම ඉල්ලීම සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රයා එය අභි­යා­ච­නා­ධි­ක­ර­ණය හමුවේ සිදු කරන ලෙස දැනුම් දුන්නේය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර වාර්තා­වක් ඉදි­රි­පත් කර­මින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණය හමුවේ මෙසේ කරුණු දැක්වීය.

“මෙම නඩුවේ තෙවන සැක­කරු වන හිටපු බුද්ධි ප්‍රධානි තුවාන් සුරේෂ් සලේ යන අය රැඳ­වුම් නියෝග මත සිටි­යදී ජූනි මස 5 වැනිදා රාත්‍රි සිට ආහාර ගැනීම ප්‍රති­ක්ෂේප කර­මින් සිට ඉන් අන­තු­රුව පසු­ගිය 7 දින රාත්‍රි සිට කොළඹ ජාතික රෝහ­ලට වෛද්‍ය ප්‍රති­කාර ලබ­මින් සිටි­නවා. මේ වන­විට 42 වැනි වාට්ටුවේ විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් සිවු­දෙ­නෙකු යටතේ ප්‍රති­කාර ලබ­මින් සිටි­නවා. මේ කාලය තුළදී මෙම විම­ර්ශ­න­යට අග­ති­දා­යක  ලෙස දේශ­පා­ල­න­යට සම්බන්ධ පුද්ග­ල­යි­න්ගෙන් සම­න්ත­විත කණ්ඩා­ය­මක් විසින් ඔවුන්ගේ සැල­සුම් සහ­ගත ක්‍රියා­දා­ම­යන් සිදු කර­මින් අධි­ක­ර­ණයේ සිදු කෙරෙන යුක්තිය පසි­ඳ­ලීමේ ක්‍රියා­දා­ම­යට මහ­ජන අප්‍ර­සා­දා­යක්, සැක­යක් සහ අප්‍ර­සා­ද­යක් වන අයු­රින් හා අධි­ක­ර­ණය කෙරෙහි මහ­ජන විරෝ­ධ­තා­වක් ඇති­කි­රීමේ අර­මුණ ඇතිව කට­යුතු කර­නවා.  පසු­ගිය 7 සිට මේ දක්වා විද්‍යුත් මාධ්‍ය  මඟින් අසත්‍ය කරුණු ප්‍රචා­රය කිරී­මත්, සමාජ මාධ්‍ය මඟින් අසත්‍ය වාර්තා ප්‍රචා­ර­ණය කිරී­ම­ටත් සලස්වා ඇති බව­ටත් කරුණු අනා­ව­ර­ණය වී තිබෙ­නවා. ස්වාමීනි එහෙ­යින් මේ ක්‍රියා­දා­ම­යට නියැ­ළුණු පුද්ග­ල­යන් හය­දෙ­නෙකු විසින් සිදු කරනු ලබන ප්‍රකාශ මෙම වැඩි­දුර වාර්තාවේ සඳ­හන් කර තිබෙ­නවා. ඊට අම­ත­රව එම ප්‍රකා­ශ­ව­ලින් අප­හා­සා­ත්ම­කය ගම්‍ය වන කරුණු සම්බ­න්ධ­යෙන් වාක්‍ය කණ්ඩ සඳ­හන් කර තිබෙ­නවා. හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රි විමල් වීර­වංශ, උදය ප්‍රභාත් ගම්ම­න්පිල, බණ්ඩාර ජය­සිංහ, මුදි­ය­න්සේ­ලාගේ සුගී­ශ්වර ලෙනින් නොහොත් සුගී­ශ්වර බණ්ඩාර, අසංක නව­රත්න සහ මහින්ද පති­රණ සහ දිලිත් සුසන්ත ජය­වීර යන අය­ව­ලුන්ගේ ප්‍රකාශ සහ එම වාක්‍ය කණ්ඩ අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කර තිබෙ­නවා. ඒ අනුව එම පුද්ග­ල­යන් විසින් සිදු කරන ලද ප්‍රකාශ 2024 අංක 8 දරන අධි­ක­ර­ණ­ය­කට, විනි­ශ්චය අධි­ක­ර­ණ­ය­කට හෝ ආය­ත­න­ය­කට  අප­හාස කිරිමේ පනතේ 3-1 ‘අ’ යන්න, 2-‘අ’ යන්න සහ ‘ඇ’ යන්න 1. 2, 3 සහ ‘ඉ’ යන්න 1,2,3 වගන්ති සමඟ කිය­වෙන එම පනතේ දඬු­වම් ලැබිය යුතු වර­දක් සිදු කර ඇති බව අධි­ක­ර­ණය  හමුවේ කරුණු වාර්තා කර තිබෙ­නවා.

ඒ අනුව එම 2026 ජූනි 7 සිට මේ දක්වා සිදු කර ඇති ප්‍රකා­ශ­වල සංස්ක­ර­ණය නොකළ  වීඩියෝ දර්ශ­න­වල පිට­පත් ලබා ගැනී­ම­ටත්, එම ප්‍රකාශ ඇතු­ළත් දර්ශන සජී­වීව වීඩ­යෝ­ගත කළ කැමරා හා තාක්ෂ­ණික නිල­ධා­රින් එම දර්ශන මාධ්‍ය  මඟින් විකා­ශ­කය කරන ලද මාධ්‍ය‍ෙ­ව්දීන්, නිවේ­ද­ක­යන්, අධ්‍ය­ක්ෂ­ව­රුන්, විධා­යක නිල­ධා­රීන් හෝ වෙනත් ඒ හා සම්බ­න්ධිත මාධ්‍ය  ආයා­ත­න­ව­ලට අනු­බ­ද්ධිත පුද්ග­ල­යන්ගේ ප්‍රකාශ සට­හන් කර ගැනීම සඳහා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විශේෂ ඒක­කයේ පත් කරන ලද නිල­ධා­රීන් හට අවශ්‍ය පහ­සු­කම් සල­සන ලෙසට ප්‍රවෘත්ති අධ්‍ය­ක්ෂ­වරු වෙත 1979 අංක 15 දරන අප­රාධ විධාන සංග්‍රහ පනතේ 124 යටතේ වන වගන්ති ප්‍රකා­රව අධි­ක­රණ නියෝග නිකුත් කරන ලෙසත් අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­නවා.

මේ අනුව ජාතික රූප­වා­හි­නිය,  ස්වාධීන රූප­වා­හි­නිය, ස්වර්ණ­වා­හි­නිය, සිරස, ශක්ති ටීවී, සියත, හිරු, වස­න්තම්, දෙරණ සහ ටී.එන්.එල්. රූප­වා­හි­නිය වෙත නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා සිටි­නවා. මෙම විම­ර්ශ­න­ව­ලට අදා­ළව  නම් කරන ලද පුද්ග­ල­යන්ට ජූලි මස 1දා අධි­ක­ර­ණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටි­නවා. එසේම මෙම විම­ර්ශන කට­යු­තු­ව­ලින් පසු මේ සම්බ­න්ධ­යෙන් අභි­යා­ච­නා­ධි­ක­ර­ණය වෙත පැමි­ණිලි කිරී­මට අදාළ ඉල්ලීම සිදු කරන බවත් දන්වා සිටි­නවා.”

මහේ­ස්ත්‍රා­ත්ව­රයා

“සමාජ මාධ්‍ය සම්බ­න්ධ­යෙන් වෙනම විම­ර්ශ­න­යක් සිදු කර­න­වාද”

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව

“ඒ සම්බ­න්ධ­යෙන් දීර්ඝ විම­ර්ශ­න­යක් සිදු කර­නවා ස්වාමීනි.”

“එසේම පසු­ගිය දින­වල පත් කරන ලද වෛද්‍ය මණ්ඩ­ලය සම්බ­න්ධ­යෙන් ප්‍රකාශ නිකුත් කර තිබෙ­නවා. ඒ සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණයේ අව­ධා­නය යොමු කර­නවා. අප­රාධ නඩු විධාන සංග්‍ර­හයේ 127 යටතේ මේ ඉල්ලීම සිදු කරන්නේ. මොවුන් දිගින් දිග­ටම කර­ගෙන ගියොත් මහ­ජ­න­තාව දැඩි අප්‍ර­සා­ද­යක් ඇති­විය හැකියි. පෙර දින­යේත් මේ සම්බ­න්ධ­යෙන් කරුණු දැක්වූවා.”

මහේ­ස්ත්‍රා­ත්ව­රයා

“අධි­ක­ර­ණ­යට ගෙන්වීමේ අව­ශ්‍ය­තා­වක් නැහැ. ඉදි­රි­පත් වූ කරුණු සලකා බලා අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට තමයි මේ අය ගෙන්විය යුත්තේ. මේ අධි­ක­ර­ණ­යට ගෙන්වීමේ අව­ශ්‍ය­තා­වක් නැහැ. කෙළින්ම අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යෙන් ඒ ඉල්ලිම සිදු කරන්න.”

සමාජ මාධ්‍ය  ඔස්සේ සිදු කර ඇති ප්‍රකාශ සම්බ­න්ධ­යෙන් අදාළ ලින්ක් සමඟ ඉදිරි දින අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කරන ලෙස ද මහේ­ස්ත්‍රා­ත්ව­රයා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට දන්වා සිටි­යේය.

මහින්ද පති­රණ යන අයකු මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ අප­හා­සා­ත්මක ප්‍රකාශ සිදු කර ඇති බවට අදාළ කරුණු ඇතු­ළත් වාර්තා­වක් එම අව­ස්ථා­වේදී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරනු ලැබීය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර වාර්තා සඳහා නඩුව ලබන ජූලි මස 1 වැනිදා යළි කැඳ­වයි. ප්‍රධාන පොලිස් පරී­ක්ෂණ ගුණ­සේ­කර සහ උප පොලිස් පරී­ක්ෂක මෙන්ඩිස් මහතා අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­මින් කරුණු දක්වනු ලැබූහ.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් කරුණු දක්ව­මින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණය හමුවේ සිදු කළ ඉල්ලී­ම්ව­ලට අව­සර ලැබිණි.

එසේම දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රති­කාර ලබන තෙවන සැක­කරු නිරී­ක්ෂ­ණය කරන ලෙස අධි­ක­ර­ණ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රයා එම ඉල්ලීම එය අදාළ වන මාලි­ගා­කන්ද අධි­ක­ර­ණ­යෙන් සිදු කරන ලෙස දන්වා සිටි­යේය.

එම ඉල්ලීම ලබන 20ට පෙර සිදු කරන ලෙසත් මහේ­ස්ත්‍රා­ත්ව­රයා දන්වා සිටි­යේය.

සුභා­ෂිණී සේනා­නා­යක

:උපුටා ගැනීම – දිනමිණ

Recent Posts

බාහිර දේවල් අමතක කර ක්‍රීඩාවට විතරක් අවධානය දෙන්න – ශ්‍රී ලංකා හිටපු නායක අනුර තෙන්නකෝන්ගෙන් සූර්යවංශීට උපදෙසක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක Anura Tennekoon විසින් ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ අනාගත තරුවක් ලෙස සැලකෙන…

5 hours ago

වසර 42කට පසු කලා වැව පිටවාන ප්‍රතිසංස්කරණ කටයුතු අද ඇරඹේ.

ඓතිහාසික කලා වැව ජලාශයේ පිටවාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අද(16) ඇරඹේ. කලා වැව ජලාශයේ දොරටු රහිත වාන්…

7 hours ago

ඩෙංගු බෝ කර­න්නන්ට තරා­ති­රම නොබලා නීතිය තදින්

මාස 6ට මරණ 24ක් – රෝගීන් 41,144ක් file ඩෙංගු වසං­ගත තත්ත්ව­යක් දක්වා වර්ධ­නය වීමේ අව­දා­නම…

7 hours ago

කොළඹ ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්‍යක්ෂක ධුරයේ වැඩ අරඹයි

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලද විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා…

7 hours ago

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය මොකද්ද? -සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

රජය විසින් වී කිලෝවක් සඳහා ස්ථාවර මිලක් ලබා දෙන්නේ නම් මේ ස්ථාවර මිල සුත්‍රය නිර්මාණය…

23 hours ago

“Clean Manning” වැඩසටහන ඇරඹෙයි

මැනිං වෙළඳපොළ ශ්‍රී ලංකාවේ පවතින පැරණිතම සහ ප්‍රධානතම එළවළු හා පලතුරු තොග අලෙවි මධ්‍යස්ථානයයි. වර්තමානයේ…

1 day ago