Wednesday, September 30, 2026
Homeදේශීයදරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා...

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය දෙමාපියන් ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරයි.

සමාජ මාධ්‍ය හරහා මුදල් ඉපයීමේ Monetization ක්‍රමවේද ක්‍රියාත්මක වීමත් සමඟ, දෙමාපියන්ගේ අවසරය ඇතිව හෝ නොමැතිව දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට එක් කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

දරුවන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සහ ඔවුන්ගේ විවිධ ක්‍රියාකාරකම් අගය කිරීමේ මුවාවෙන් ඇතැම් පුද්ගලයන් හා ආයතන විසින් එවැනි වීඩියෝ පට වාණිජ අරමුණු සඳහා භාවිත කරන අවස්ථා පිළිබඳවද අවධානය යොමු වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

විශේෂයෙන්ම Vlog ඇතුළු සමාජ මාධ්‍ය අන්තර්ගතයන් හරහා දරුවන්ගේ එදිනෙදා ජීවිතය, පෞද්ගලික තොරතුරු සහ ක්‍රියාකාරකම් ප්‍රසිද්ධ කිරීම, ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාවට අවදානමක් ඇති කළ හැකි බව අමාත්‍යාංශය අවධාරණය කරයි.

එමෙන්ම අන්තර්ජාලයට එක් කරන ඡායාරූප සහ වීඩියෝ වෙනත් පාර්ශ්වයන් විසින් නැවත භාවිත කිරීමේ හැකියාවක් පවතින අතර, කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණික ක්‍රම භාවිත කරමින් ඒවා විකෘති කර භාවිත කිරීමේ අවදානමක්ද පවතින බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව, දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී ඔවුන්ගේ පෞද්ගලිකත්වය, ආරක්ෂාව සහ අනාගතයට ඇති විය හැකි බලපෑම් පිළිබඳව සැලකිලිමත් වන ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් සහ අනෙකුත් පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

මෙම නිවේදනය 2026 සැප්තැම්බර් 29 වැනිදා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

READ:   පොහොට්ටු සම්මේලනයට කීයක් ආවද? ආවේ කොහොමද? පැය 24ක් යන්නත් කලින් මාට්ටු?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්