දේශීය

ආපදාවට ලක් වූ ව්‍යාපාර සඳහා ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කෙරේ

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් කර්මාන්ත සහ ව්‍යාපාර කඩිනමින් නඟා සිටුවීම සඳහා
සියලුම බැංකුවල ඉහළ නිලධාරීන්, ණය අංශ වල නිලධාරීන්, මහා බැංකුවේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන අංශය සමඟ අද විශේෂ හමුවක් කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුනනෙත්ති මහතා සහ
නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙහිදී අර්බුදයට ලක්වූ ව්‍යාපාර සඳහා කඩිනම් මූල්‍ය සහාය ලබාදීම සම්බන්ධයෙන් වැදගත් තීරණ කිහිපයක් සඳහා එකඟතාවයන් ඇති කරගත්තා.

මහ බැංකු චක්‍රලේඛණය අනුව අර්බුදයට ලක්ව ඇති සියලුම ව්‍යාපාරකයින් සඳහා
මාස 03 ත් 06 ත් අතර ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීමක් ලබා දීමට සියලුම බැංකු එකඟතාවය පළ කලේ
කිසිදු අමතර ගාස්තුවක් හෝ අමතර පොලියක් එකතු නොවන ලෙසයි..

මෙම තීරණය සියලුම බැංකු ශාඛා වෙත දැනුම් දී ඇති අතර අදාළ ව්‍යාපාරකයින් විසින් තම බැංකුවෙන් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතුයි.

මීට අමතරව ගැටලු විසඳීම සඳහා පොදු යාන්ත්‍රණයක් පිළිබඳවද එකඟතාවකට පැමිණි අතර මහ බැංකුව විසින් නිර්දේශ කරන ලද අඩු පොලී සහන ණයක් ලබා දීමට සියලුම බැංකු සූදානමින් සිටිනවා.

මෙම කාර්යයන් කාර්යක්ෂමව සිදු කිරීම සඳහා, බැංකු පද්ධතියේ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ඇති අර්බුදයට පත් ව්‍යපාරවල
දත්ත හුවමාරු කරගැනීමටත් පොදු දත්ත පද්ධතියක් සහ යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳව එකඟතාවකට ද පැමිණියා.

මෙම අවස්ථාව සඳහා සූම් යෙදවුම හරහා කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා එක්වූණා

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

2 days ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

2 days ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

2 days ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

2 days ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

3 days ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

3 days ago