දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් කර්මාන්ත සහ ව්‍යාපාර කඩිනමින් නඟා සිටුවීම සඳහා
සියලුම බැංකුවල ඉහළ නිලධාරීන්, ණය අංශ වල නිලධාරීන්, මහා බැංකුවේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන අංශය සමඟ අද විශේෂ හමුවක් කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුනනෙත්ති මහතා සහ
නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
මෙහිදී අර්බුදයට ලක්වූ ව්‍යාපාර සඳහා කඩිනම් මූල්‍ය සහාය ලබාදීම සම්බන්ධයෙන් වැදගත් තීරණ කිහිපයක් සඳහා එකඟතාවයන් ඇති කරගත්තා.
මහ බැංකු චක්‍රලේඛණය අනුව අර්බුදයට ලක්ව ඇති සියලුම ව්‍යාපාරකයින් සඳහා
මාස 03 ත් 06 ත් අතර ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීමක් ලබා දීමට සියලුම බැංකු එකඟතාවය පළ කලේ
කිසිදු අමතර ගාස්තුවක් හෝ අමතර පොලියක් එකතු නොවන ලෙසයි..
මෙම තීරණය සියලුම බැංකු ශාඛා වෙත දැනුම් දී ඇති අතර අදාළ ව්‍යාපාරකයින් විසින් තම බැංකුවෙන් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතුයි.
මීට අමතරව ගැටලු විසඳීම සඳහා පොදු යාන්ත්‍රණයක් පිළිබඳවද එකඟතාවකට පැමිණි අතර මහ බැංකුව විසින් නිර්දේශ කරන ලද අඩු පොලී සහන ණයක් ලබා දීමට සියලුම බැංකු සූදානමින් සිටිනවා.
මෙම කාර්යයන් කාර්යක්ෂමව සිදු කිරීම සඳහා, බැංකු පද්ධතියේ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ඇති අර්බුදයට පත් ව්‍යපාරවල
දත්ත හුවමාරු කරගැනීමටත් පොදු දත්ත පද්ධතියක් සහ යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳව එකඟතාවකට ද පැමිණියා.
මෙම අවස්ථාව සඳහා සූම් යෙදවුම හරහා කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා එක්වූණා


