Tuesday, January 20, 2026
Homeදේශීයදේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්ක ඉක්මවා බිලියන 50ක අතිරේක බදු ආදායමක් උපයයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්ක ඉක්මවා බිලියන 50ක අතිරේක බදු ආදායමක් උපයයි

“නාස්තිය අවම කිරීම මගින් බදු ගෙවන්නා තුළ විශ්වාසය වර්ධනය කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ආදායම් ඉලක්ක ඉක්මවා යාමට හේතුවක් වුණා බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

නාස්තිය අවම කරමින් බදු ගෙවන්නා තුළ සිය බදු මුදල රටේ සංවර්ධනය කරා යොමු කිරීමේ දී කිසිදු අක්‍රමිකතාවක් නොවන බවට ආණ්ඩුව ලබා දී ඇති සහතිකය බදු ආදායම ඉහළ යාමට හේතුවක් වන බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සිය ආදායම් ඉලක්ක ඉක්මවා යාමට හැකිව ඇත්තේ බදු ගෙවන ජනතාව තුළ ඇති වූ එම විශ්වසනීයත්වයේ ප්‍රතිඵලයක් ලෙස බවයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එක් වන නව සහකාර කොමසාරිස්වරුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා ඊයේ (15) එම මූලස්ථානයේ පැවැති උත්සවයට සහභාගීවෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

එහි දී, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, බදු ආදායම රටේ සංවර්ධනය වෙනුවෙන් යොදා නොගැනීමේ අත්දැකීම් ඇති ජනතාවක් ඉන් මුදා ගැනීම පහසු කාර්යයක් නොවන බවයි.

එම ආදර්ශය ආණ්ඩුව බදු ගෙවන ජනතාව වෙත ලබා දෙමින් සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රටේ බදු ආදායම ඉහළ යාම දූෂණ අවම වීමට හේතුවක් බව ද කියා සිටියේ ය.

මීට පෙර එම ප්‍රතිශතය 10%ක මට්ටමට පත්ව තිබූ බවත්, මේ වසර අවසන් වන විට එය 16%ක මට්ටමට ළගා කරගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවයි නියෝජ්‍ය අමාත්‍යරයා පෙන්වා දුන්නේ.

ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා නව බඳවා ගැනීම් සේම ඊට කාන්තා ශ්‍රම දායකත්වය ද ඇතුළත් වීම අත්‍යවශ්‍ය කරුණක් බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ කාන්තා ප්‍රතිශතය පුරුෂ ප්‍රතිශතයට ඉහළ අගයක් ගත්ත ද කාන්තාවගේ දාකයත්වය ශ්‍රම බලකායෙන් 30%ක පහළ ප්‍රතිශතයක් පවතින බවයි.

READ:   ජනාධිපති රන්වල දෙවියන් වගේ රටට හරි පාර කියලා දෙනවා - ඇමති මනූෂ

ආර්ථක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා ද මෙහි දී අදහස් දැක්වීය.

2025 වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,195ක් වූ අතර, මේ වන විට එම ඉලක්කය ඉක්මවා යාමට ඔවුන් සමත්ව ඇති බවයි.

මෑත ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතිරේකව රුපියල් බිලියන 50ක ආදායමක් ලබා ගෙන ඇතැයි හෙතෙම පැවැසීය.

රජයේ අපේක්ෂාව වන්නේ කිසිසේත්ම බදු ප්‍රතිශතය ඉහළ නැංවීම නොව බදු පදනම පුළුල් කිරීම බව නියෝජ්‍ය අමාත්‍යරයා පෙන්වා දුන්නේ ය.

මේ සඳහා ආණ්ඩුව පාර්ශ්වයෙන් අදාළ නීති රීති සම්පාදනය කරමින් අවශ්‍ය පහසුකම් සැපයීමට සූදානම් බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ බදු ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයන්ට එම මුදල් එකවර ගෙවන්නේ නම් අදාළ පොලී මුදල අහෝසි වන ආකාරයේ නීති රීති සකස් කරමින් පවතින බවයි.

මෙහි දී දේශීය ආදායම් සහකාර කොමසාරිස්වරුන් 100 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණි.

මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හිමාලි පුල්ලපෙරුම මහත්මිය, දේශීය ආදායම් දෙපාරේතමේන්තුවේ කොමසරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

– මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්