දේශීය

ජනාධිපති අරමුදලෙන් ඌව පළාතේ උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති..

ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන අ.පො.ස. උසස් පෙළ විශිෂ්ටයන් ඇගයීමේ වැඩසටහන යටතේ 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් ඇගයීමේ ඌව පළාත් වැඩසටහන කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කයන්හි 2023 හා 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ 1-10 දක්වා ස්ථාන ලබාගත් සිසු සිසුවියන් 240 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි. මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 24 කි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා මෙහි පිළිගැනීමේ සහ අරමුණ පැහැදිලි කිරීමේ කථාව සිදු කළේය.

මෙහිදී අදහස් දැක්වූ කථානායක ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ වත්මන් රජය අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් සිදු කරමින් සිටින බවත්, රටක අධ්‍යාපනය සඳහා අයෝජනය කිරිම තරම් වැදගත් වටිනා ආයෝජනයක් තවත් නොමැති බවය. දරුවන් ලබන අධ්‍යාපනය තුළින් රටට මහඟු සේවයක් කළහොත් එම ආයෝජනයේ ප්‍රතිඵල රටට සාක්ෂාත් කර ගත හැකි වනු ඇති බවත් කථානාකවරයා සඳහන් කළේය.

අධ්‍යාපනයෙන් උගතෙක් වෙලා ප්‍රඥාවන්තයෙක් වෙනවාට අපි කැමතියි. ප්‍රඥාවන්තයා කවදාවත් පරමාණු බෝම්බයක් හදන්නේ නැහැ. උගතෙක් වී වංචා කරනවා නම් උගත්කමෙහි වටිනාකමක් නැහැ. එතැන තිබෙන්නේ ප්‍රඥාවන්තකම නොව උගත්කම පමණයි. ඒ නිසා ඔබගේ උගත්කම රටට ඔබින ලෙස යොදාගතහොත් එවිට ඔබගේ දෙමාපියන් ඔබ උස් මහත් කිරීමට ලබාදුන් පෝෂ්‍යදායී බත් කටට සාධාරණයක් ඉටු වෙනවා යැයිද කථානායකවරයා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ නව රජයේ සංකල්පයකට අනුව දූ දරුවන්ගේ ජීවිතයේ ඉදිරිය ශක්තිමත් කර ගැනීමට මෙවැනි දායකත්වයක් ලබාදීම පිළිබඳව අප සතුටු වෙන බවයි. එම අවස්ථාව ලබාදීම සම්බන්ධව ජනාධිපති අරමුදලට ස්තුතිවන්ත වන බවද අමාත්‍යවරයා පැවසීය.

ජනාධිපති අරමුදල ගොඩනැඟුවේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවට සහන සැලසීමට මෙන්ම අධ්‍යාපනය ලබන මේ රටේ දූ දරුවන්ගේ අනාගතය ගොඩනඟා ගැනීමටයි. වත්මන් රජය ජනාධිපති අරමුදල විධිමත් කිරීමේ අරමුණු ඇතිව අද වන විට ප්‍රාදේශීය මට්ටමට ගෙන ගොස් තිබෙනවා. එම නිසා අද වන විට සුදුසුකම් සහිත ප්‍රතිලාභීන්ට අරමුදලේ ප්‍රතිලාභ ලැබෙමින් පවතිනවා යැයිද අමාත්‍යවරයා පැවසීය.

මේ අතර ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීම පිළිබඳව විශේෂ එක්දින පුහුණු වැඩමුළුවක් ඌව පළාතේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් වෙනුවෙන් ඊයේ (01) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදත් බලගල්ල, නීතිඥ සරත් කුමාර, බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ, ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු, ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න, බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේරත්න, මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඒ. ජී. නිශාන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ශිෂ්‍යත්වලාභී දරුවන්ගේ දෙමාපියන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

file

ජනාධිපති මාධ්‍ය අංශය

2025-11-02

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

1 day ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

1 day ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

5 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

5 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

7 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago