ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුල පසුගිය සිකුරාදා දින පොලිස් නිලධාරියෙකු ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද දින (15) අධිකරණයට ඉදිරිපත් වූ සැකකාර නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා රුපියල් ලක්ෂ 5 බැඟින් වූ ශරීර ඇප දෙකක් හා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියෝග කළා.
නඩුවට අදාළ කිසිදු සාක්ෂිකරුවකුට බලපෑම් සිදු කිරීමක් සිදුකළ බවට කරුණු අනාවරණය වුවහොත් සැකකරුගේ ඇප අවංලගු කිරීමට පියවර ගන්නා බවද පවසා සිටි මහේස්ත්‍රාත්වරයා, සැකකාර ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට ඇප තැබීමෙන් පසු හෙට දින (16) පෙරවරු 9ට බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ද නියෝග කළේය.
සැකකාර ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා පෙනී සිටිය අතර පොලිස් නීතී කොට්ඨාසය වෙනුවෙන් නීතීඥ දිමුතු ප්‍රදීප් ජයසිංහ මහතා පෙනී සිටියා.
නඩුව නොවැම්බර් 17 යළි කැඳවීමට නියමිතයි
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…