file
නව රියදුරු බලපත්‍ර ලබාගැනීමට හෝ රියදුරු බලපත්‍රය අලුත් කිරීමට පැමිණෙන ජනතාවට, ප්‍රවාහන වෛද්‍ය ආයතනය තුළදීම අවශ්‍ය මුදල් ගෙවීමෙන්, තාවකාලික රියදුරු බලපත්‍රය ලබාගත හැකි ආකාරයේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබේ.
පෙර පැවති ක්‍රමවේදය අනුව, ජනතාව ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පැමිණ සිය වෛද්‍ය වාර්ථාව ලබාගෙන, තම රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා නැවතත් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලවලට යාමට සිදු විය.
මෙතෙක් පැවති ක්‍රමවේදය වෙනස් කරමින්, ජනතාවගේ සුබසිද්ධිය උදෙසා, ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන්ම තාවකාලික රියදුරු බලපත්‍ර ලබාදීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් අමාත්‍ය බිමල් රත්නායක මහතා අදහස් දැක්වීය.
“මෙම නව ක්‍රමවේදය තුළින් රියදුරු බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන පිරිසට මෙම ස්ථානයෙන් වෛද්‍ය සහතිකය ලබාගෙන, වේරහැරට හෝ වෙනත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලයකට යාමට යන මුදල්, කාලය සහ ශ්‍රමය ඉතිරි වනවා සේම, මෙම ස්ථානයෙන් සිය තාවකාලික රියදුරු බලපත්‍රය ලබාගැනීමට ගතවන්නේ විනාඩි 07 ක වගේ ඉතාමත් සුළු කාලයක්. ඉදිරියේදී මෙම කාලය විනාඩි 05 කට වගේ සීමාවේවි. ඉදිරි මාස කිහිපය වනවිට රටේ අනෙකුත් ප්‍රදේශ වලටත් මෙම නව ක්‍රමවේදය අනුගත කිරීමට හැකිවේවි. අපේ ප්‍රධාන අරමුණ වන්නේ ජනතාවට සුවපහසු ජීවන රටාවක් හිමිකර දීමයි .ඒ වෙනුවෙන් දිනෙන් දින මේ ආකාරයෙන් නව ක්‍රමවේදයන් ක්‍රියාත්මක වේවි”යැයි උත්සවයට සහභාගි වෙමින් පැවසීය.
මෙම අවස්ථාවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිනී, අරෝෂා විද්‍යාභූෂණ යන මහත්ම මහත්මීන් ඇතුළු අදාළ ආයතනයන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.
:රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…