Sunday, May 31, 2026
Homeදේශීයමෝටර් රථ ප්‍රවාහන කාර්යාලයකට නොගොස්, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් රියදුරු බලපත්‍ර ලබාගැනීමට...

මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයකට නොගොස්, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් රියදුරු බලපත්‍ර ලබාගැනීමට අවස්ථාව

නව රියදුරු බලපත්‍ර ලබාගැනීමට හෝ රියදුරු බලපත්‍රය අලුත් කිරීමට පැමිණෙන ජනතාවට, ප්‍රවාහන වෛද්‍ය ආයතනය තුළදීම අවශ්‍ය මුදල් ගෙවීමෙන්, තාවකාලික රියදුරු බලපත්‍රය ලබාගත හැකි ආකාරයේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබේ.

පෙර පැවති ක්‍රමවේදය අනුව, ජනතාව ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පැමිණ සිය වෛද්‍ය වාර්ථාව ලබාගෙන, තම රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා නැවතත් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලවලට යාමට සිදු විය.

මෙතෙක් පැවති ක්‍රමවේදය වෙනස් කරමින්, ජනතාවගේ සුබසිද්ධිය උදෙසා, ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන්ම තාවකාලික රියදුරු බලපත්‍ර ලබාදීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් අමාත්‍ය බිමල් රත්නායක මහතා අදහස් දැක්වීය.

“මෙම නව ක්‍රමවේදය තුළින් රියදුරු බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන පිරිසට මෙම ස්ථානයෙන් වෛද්‍ය සහතිකය ලබාගෙන, වේරහැරට හෝ වෙනත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලයකට යාමට යන මුදල්, කාලය සහ ශ්‍රමය ඉතිරි වනවා සේම, මෙම ස්ථානයෙන් සිය තාවකාලික රියදුරු බලපත්‍රය ලබාගැනීමට ගතවන්නේ විනාඩි 07 ක වගේ ඉතාමත් සුළු කාලයක්. ඉදිරියේදී මෙම කාලය විනාඩි 05 කට වගේ සීමාවේවි. ඉදිරි මාස කිහිපය වනවිට රටේ අනෙකුත් ප්‍රදේශ වලටත් මෙම නව ක්‍රමවේදය අනුගත කිරීමට හැකිවේවි. අපේ ප්‍රධාන අරමුණ වන්නේ ජනතාවට සුවපහසු ජීවන රටාවක් හිමිකර දීමයි .ඒ වෙනුවෙන් දිනෙන් දින මේ ආකාරයෙන් නව ක්‍රමවේදයන් ක්‍රියාත්මක වේවි”යැයි උත්සවයට සහභාගි වෙමින් පැවසීය.

මෙම අවස්ථාවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිනී, අරෝෂා විද්‍යාභූෂණ යන මහත්ම මහත්මීන් ඇතුළු අදාළ ආයතනයන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

:රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

READ:   ජාතික ජන බලවේගයේ පාලනය රට මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් මුදාගන්නවා - අනුර දිසානායක
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්