Lal Kantha
සාමාන්‍යයෙන් ඉතිහාසය මෙතෙක් කල් ගත්තම කැබිනට් , ඇමතිවරු මහ ඇමතිවරු,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ කියන්නේ ඉහළම හොරු නීතියෙන් දඩුවම් ලබල වැරදි කාරයෝ වෙලා හිරගතත වුණේ නැහැ,
දැන් ඒ කටයුත්ත වෙනවා,රාජ්‍ය ආයතන ක්‍රියාත්මකයි,ඒවට නිදහසේ ක්‍රියාත්මක වෙන්න අපි ඉඩ දීලා තියෙනවා, බාධා කරන්නේ නැහැ.
අදාල වගකිවයුතු නිලධාරීන්ට මතයක් හැදිලා තියෙනවා දේශපාලන තර්ජන ගර්ජන බලපෑම් එන්නේ නැහැ කියලා.අල්ලස් දූෂණ කොමිෂන් එකේ බලධාරීන්ට ඉතිහාසයේ වැඩ කරන්න දීලා නැහැ.
ඉතිහාසේ නීතිපති කාර්යාලයටත් නීතිපතිතුමාටත් තර්ජනන ඇවිල්ලා තියෙනවා.
ඒ වගේම පොලිසියටත් බලපෑම් තිබිලා තියෙනවා.
ඒ නිසා ඒ අයට බැරි වුණා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න.
නීතිය නොතිබුනා නෙවෙයි නීතිය ක්‍රියාත්මක කරන්න ඔවුන්ට හැකියාවක් තිබුණේ නැහැ.තර්ජන නිසා සමහර අයට මරණ තර්ජන.
හැබැයි මේ වෙනකොට හොරකමට වංචාවට දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වන ආයතනවල බරධාරීන්ට විශ්වාසයක් හැදිලා තියෙනවා තමන්ට කිසිම දේශපාලන
තර්ජනයක් එන්නේ නැහැ කියලා. විශේෂයෙන්ම බලේ ඉන්න කණ්ඩායමෙන් ඔහුන්ට බලපෑමක් එන්නේ නැහැ කියලා. ඒ නිසා හොරුන්ට දඬුවම් ලැබෙනවා.
එතකොට හාල්මැස්සන්ට ක්‍රියාත්මක වෙච්ච නීතිය තෝරු මෝරුන්ට යහමින් දැන් ක්‍රියාත්මක වෙනවා යැයි කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය කේ. ඩී ලාල් කාන්ත මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ මිනුවන්ගොඩ බොරගොඩ වත්ත ප්‍රදේශයේ පලතුරු පල්ප හා ක්ෂණික පලතුරු බීම සැකසීමේ කර්මාන්තශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවේදීය “හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…