Tuesday, March 10, 2026
Homeදේශීයවැරදි කළොත් මාලිමාවේ ලොක්කොන්ටත් ඔච්චර තමයි - ලාල් කාන්ත

වැරදි කළොත් මාලිමාවේ ලොක්කොන්ටත් ඔච්චර තමයි – ලාල් කාන්ත

සාමාන්‍යයෙන් ඉතිහාසය මෙතෙක් කල් ගත්තම කැබිනට් , ඇමතිවරු මහ ඇමතිවරු,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ කියන්නේ ඉහළම හොරු නීතියෙන් දඩුවම් ලබල වැරදි කාරයෝ වෙලා හිරගතත වුණේ නැහැ,

දැන් ඒ කටයුත්ත වෙනවා,රාජ්‍ය ආයතන ක්‍රියාත්මකයි,ඒවට නිදහසේ ක්‍රියාත්මක වෙන්න අපි ඉඩ දීලා තියෙනවා, බාධා කරන්නේ නැහැ.

අදාල වගකිවයුතු නිලධාරීන්ට මතයක් හැදිලා තියෙනවා දේශපාලන තර්ජන ගර්ජන බලපෑම් එන්නේ නැහැ කියලා.අල්ලස් දූෂණ කොමිෂන් එකේ බලධාරීන්ට ඉතිහාසයේ වැඩ කරන්න දීලා නැහැ.

ඉතිහාසේ නීතිපති කාර්යාලයටත් නීතිපතිතුමාටත් තර්ජනන ඇවිල්ලා තියෙනවා.
ඒ වගේම පොලිසියටත් බලපෑම් තිබිලා තියෙනවා.
ඒ නිසා ඒ අයට බැරි වුණා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න.

නීතිය නොතිබුනා නෙවෙයි නීතිය ක්‍රියාත්මක කරන්න ඔවුන්ට හැකියාවක් තිබුණේ නැහැ.තර්ජන නිසා සමහර අයට මරණ තර්ජන.

හැබැයි මේ වෙනකොට හොරකමට වංචාවට දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වන ආයතනවල බරධාරීන්ට විශ්වාසයක් හැදිලා තියෙනවා තමන්ට කිසිම දේශපාලන
තර්ජනයක් එන්නේ නැහැ කියලා. විශේෂයෙන්ම බලේ ඉන්න කණ්ඩායමෙන් ඔහුන්ට බලපෑමක් එන්නේ නැහැ කියලා. ඒ නිසා හොරුන්ට දඬුවම් ලැබෙනවා.

Lal Kantha
Lal Kantha

එතකොට හාල්මැස්සන්ට ක්‍රියාත්මක වෙච්ච නීතිය තෝරු මෝරුන්ට යහමින් දැන් ක්‍රියාත්මක වෙනවා යැයි කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය කේ. ඩී ලාල් කාන්ත මහතා පැවසීය.

 ඒ මහතා එසේ පැවසුවේ මිනුවන්ගොඩ බොරගොඩ වත්ත ප්‍රදේශයේ පලතුරු පල්ප හා ක්ෂණික පලතුරු බීම සැකසීමේ කර්මාන්තශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවේදීය
READ:   රට බංකොලොත් කීම කුමන්ත්‍රණයක් - හිටපු මහබැංකු අධිපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්