Sunday, September 20, 2026
Homeදේශීයවෙඩි වැදුණු ඩෑන් ප්‍රියසාද් මියගිය බව පොලිසිය තහවුරු කරයි

වෙඩි වැදුණු ඩෑන් ප්‍රියසාද් මියගිය බව පොලිසිය තහවුරු කරයි

මියගොස් නොමැති බවට පොලිසිය විසින් නිවැරදි කළ වැල්ලම්පිටිය, සාලමුල්ල ප්‍රදේශයේදි ඊයේ (22) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

ඊයේ  (22)  රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති අතර මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

READ:   ප්‍රදේශ රැසකට අද ගිගුරුම් සහිත වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්