Wednesday, May 21, 2025
Homeදේශීයබෙහෙත් මිල පාලනය කිරීමට බැරි හේතුව වාරණ නියෝගයක් - සෞඛ්‍ය නි:ඇමති

බෙහෙත් මිල පාලනය කිරීමට බැරි හේතුව වාරණ නියෝගයක් – සෞඛ්‍ය නි:ඇමති

මෙරට ඖෂධ මිල පාලනය කිරීමට ඇති නොහැකියාවට හේතුව අධිකරණය විසින් ඖෂධ නියාමන කමිටුවට ලබා දී ඇති වාරණ නියෝගයක් බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පවසනවා.

ඔහු මේ කරුණ අනාවරණ කළේ, ද ලයිෆ් ට්‍රැවලර් අප යූ ටියුබ් නාළිකාව සමඟ ඉකුත්දා පැවති කෙටි සම්මුඛ සාකච්ඡාවකදී අප නැගු ප්‍රශ්නයකට කළ ප්‍රතිචාර දැක්වීමකදී.අප එහිදී විමසා සිටියේ ජනතාවට දැනෙන ඖෂධ මිල පහත හෙළීමක් කරා යාමට රජය තවත් කල් ගන්නේ මන්ද යන්නයි.

ජනතාවගේ බලාපොරොත්තුව එය බව අප එහිදී අමාත්‍යවරයා වෙත පෙන්වා දුන්නා.

ඊට පිළිතුරු දැක්වීමට ප්‍රථම අප පෙන්වා දුන් කරුණ නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිගත් අතර පසුව ඔහු ඊට හේතුව අනාවරණ කළා.

ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන ක්‍රමවේදය අභියෝගයට ලක් කරමින් එලෙස අධිකරණය වෙත ගොස් ඇත්තේ ඖෂධ සමාගම්.

අදාළ මිල පාලන කමිටුවේ ක්‍රියාකාරීත්වය නැවතී ඇත්තේ එම අවස්ථාවේ එම පෙත්සම සළකා බලා අධිකරණය දුන් වාරණ නියෝගයක් අනුවයි.

කෙසේවෙතත් මීට වසර එක හමාරකට පමණ ඉහතදී මතු වූ මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා යම් ක්‍රියාවලියක් දැනට දියත් වෙමින් පවතිනවා.

ඒ අනුව මීට දෙමසකට පමණ පෙර ගත් තීරණයක ප්‍රතිඵල අනුව යළි යම් මිල පාලනයක් ඇති කිරීමේ ක්‍රමවේදයක් සැකසී අවසන්.

එබැවින් ඖෂධ සමාගම්වල තර්කය තවදුරටත් වලංගු නොවන බව අමාත්‍යවරයා පැවසුවා.

අලුතින් ඇතිවූ තත්ත්වය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර ඒ අනුව අදාළ තහනම ඉවත් කරගැනීමට මෝසමක් ගොනු කිරීමට රජය බලාපොරොත්තු වෙනවා.

ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණහොත් එය විශාල ජයග්‍රහණයක් වන බව නි.සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශ්වාසයයි.

මෙහිදී අප විමසා සිටි තවත් කරුණක් වූයේ ඖෂධ සමාගම් සිය සන්නාමය හා නිෂ්පාදන ප්‍රවර්ධනයට විශාල මුදලක් වියදම් කිරීම පිළිබඳවයි.

එනම් එම ප්‍රචාරණ වියදම් පාරිභෝගික පසුම්බියටම යළිත් වක්‍රාකාරව දැනෙන්නට දීම සාධාරණද යුක්ති සහගතද යන ප්‍රශ්නයයි.

ඊට ප්‍රතිචාර දක්වමින් නි.ඇමතිවරයා, එම සමාගම්වලට ඉදිරියේදී මිල සීමාකිරීම් පැනවීමට අවස්ථාව උදාවනු ඇති බව පෙන්වා දුන්නා.

READ:   ආබාධවලට ලක් වූ දුෂ්මන්තට සහ ලහිරුට වෙන දේ..?

ඔහු පෙන්වා දුන්නේ එම සීමා කිරීම් හමුවේ තවදුරටත් ප්‍රචාරණ කටයුතුවලට යොමු වීමට තරම් අධික ලාභයක් ඔවුන්ට ඉතිරි නොවනු ඇති බවයි.

එම සම්පූර්ණ සාකච්ඡාව පහතන්.

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්