පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගෙන ආ යෝජනාවට විරුද්ධත්වය ප්‍රකාශ කළ පිරිස ඇතුළු මැති ඇමතිවරුන් කණ්ඩායමක් ඊයේ (29) රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී ඇති බව වාර්තා වෙනවා.
එහිදී ඔවුන් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමටයි තීරණය කර ඇත්තේ.
මේ සඳහා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍යවරුන්වන දිලුම් අමුණුගම, අනුප පස්කුවල්, ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක, ප්‍රේම්නාත් සී දොළවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටි බව වාර්තා වෙනවා.
ඊයේ රැස් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ දී තීරණය වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට පක්ෂයේ සහය පළ නොකරීමටයි.
ඒ අනුව පොහොට්ටුවේ ලකුණ යටතේ පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් මැතිවරණයට එක්කිරීමට එහිදී තීරණය වුණා.
එම යෝජනාවට ආණ්ඩුවේ අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් එහිදී ද විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණා.