Tuesday, March 10, 2026
Homeදේශීයඅලුත් රජයේ පළමු අයවැය අද

අලුත් රජයේ පළමු අයවැය අද

2025 වර්ෂය සඳහා වන නව රජයේ අයවැය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කෙරෙන පළමු අයවැය මෙය වෙනවා.

ඉන් අනතුරුව අයවැය දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට පෙබරවාරි 25 දක්වා දින 07ක් පැවැත්වෙන අතර දෙවන වර කියවීමට අදාළ ජන්ද විමසීම 25 වනදා පස්වරු 6ට පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

අයවැයට අදාළ කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිතයි.

කාරක සභා අවස්ථා විවාදයට අදාළ ජන්ද විමසීම මාර්තු 21 පස්වරු 6ට පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

READ:   උසස් පොලිස් නිලධාරීන් 20කට මාරුවීම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්