දේශීය

සංවිධායක ධුරයට සමුදී ශ්‍රීපාල් යලි මාධ්‍ය ට

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතුගම ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව සම්බන්ධීකරණය ඒකකය පවසනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ, ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ මූලස්ථානයේ දී,පක්ෂ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වෙත බාර දුන් බවයි.

එහි දක්වා ඇත්තේ පෞද්ගලික කාරණාවක් මත ඔහු සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා සිය ඉල්ලා අස්වීම බාරදුන් අවස්ථාවේ පක්ෂ සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,පොදු ජන එක්සත් පෙරමුණේ මහ ලේකම් හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න හා හිටපු අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන්ද පැමිණ සිටියා.

2020 වසරේ සිට කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ සුභ සිද්ධිය මුල්කර ගනිමින් ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවුවා.

ඒ ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනම හරහායි.
පක්ෂ භේදයකින් තොරව එම පදනම හරහා කුඩා, තරුණ ,වැඩිහිටි,කාන්තා ඇතුලු සියලු පාර්ශ්වයන් වෙනුවෙන් ඔහු කල මෙහෙය අති මහත්.

සිය දේශපාලන මෙහෙයුමේදී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,ගම තුළට නවමු මුහුණු වරකින් ගෙන යාමටත්,ඒ හරහා තාරුණ්‍යය මුල්කරගත් සුවිශේෂී ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීමටත් පියවර ගත්තා.

වෘත්තියෙන් මාධ්‍යවේදියෙකු වූ ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා,සිය මාධ්‍ය මෙහෙවර තුළින් එවකට සිදුකල මෙහෙය,යලිත් සිය මාධ්‍ය වෘත්තීය හරහා සිදු කිරීමට අපේක්ෂා කරනවා.

ඔහු සිරස සටන,දවස,මායිම වැඩසටහන් තුළින් දේශපාලනයේ සැගවුනු තොරතුරු සහ ජනතා ගැටලු සෘජුව බලධාරීන්ගෙන් ප්‍රශ්න කල අයෙක්.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ විද්‍යුත් හා නව මාධ්‍ය සංසදයේ සභාපති ලෙසද කටයුතු කල ඔහු සමාජ මාධ්‍ය සේවා වෘත්තීය සංසදයේ සභාපති ලෙසද කටයුතු කරනවා.

හැම විටම ජනතාව වෙනුවෙන් සිය මාධ්‍ය, මෙහෙය වූ, ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා ජාත්‍යන්තරයේද ගෞරව සම්මානයට පාත්‍ර වූවෙකි.

ඔහු කීර්ති ශ්‍රී දේශබන්දු ජනමාධ්‍ය ශූරී ⁣ගෞරව නාමයත්,ඉන්දියාවේ කීර්ති ශ්‍රී පණ්ඩිත් ගෞරව නාමයත් හිමි කර ගත් අයෙක්.
මහත්මා ගාන්ධි නායකත්ව සම්මානයද හිමිකරගත් ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා,දේශපාලන විශ්ලේෂකයෙකු හා විචාරකයෙකු ලෙසද ජනතාව අතර නමක් දරා සිටී.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago