දේශීය

සංවිධායක ධුරයට සමුදී ශ්‍රීපාල් යලි මාධ්‍ය ට

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතුගම ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව සම්බන්ධීකරණය ඒකකය පවසනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ, ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ මූලස්ථානයේ දී,පක්ෂ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වෙත බාර දුන් බවයි.

එහි දක්වා ඇත්තේ පෞද්ගලික කාරණාවක් මත ඔහු සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා සිය ඉල්ලා අස්වීම බාරදුන් අවස්ථාවේ පක්ෂ සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,පොදු ජන එක්සත් පෙරමුණේ මහ ලේකම් හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න හා හිටපු අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන්ද පැමිණ සිටියා.

2020 වසරේ සිට කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ සුභ සිද්ධිය මුල්කර ගනිමින් ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවුවා.

ඒ ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනම හරහායි.
පක්ෂ භේදයකින් තොරව එම පදනම හරහා කුඩා, තරුණ ,වැඩිහිටි,කාන්තා ඇතුලු සියලු පාර්ශ්වයන් වෙනුවෙන් ඔහු කල මෙහෙය අති මහත්.

සිය දේශපාලන මෙහෙයුමේදී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,ගම තුළට නවමු මුහුණු වරකින් ගෙන යාමටත්,ඒ හරහා තාරුණ්‍යය මුල්කරගත් සුවිශේෂී ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීමටත් පියවර ගත්තා.

වෘත්තියෙන් මාධ්‍යවේදියෙකු වූ ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා,සිය මාධ්‍ය මෙහෙවර තුළින් එවකට සිදුකල මෙහෙය,යලිත් සිය මාධ්‍ය වෘත්තීය හරහා සිදු කිරීමට අපේක්ෂා කරනවා.

ඔහු සිරස සටන,දවස,මායිම වැඩසටහන් තුළින් දේශපාලනයේ සැගවුනු තොරතුරු සහ ජනතා ගැටලු සෘජුව බලධාරීන්ගෙන් ප්‍රශ්න කල අයෙක්.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ විද්‍යුත් හා නව මාධ්‍ය සංසදයේ සභාපති ලෙසද කටයුතු කල ඔහු සමාජ මාධ්‍ය සේවා වෘත්තීය සංසදයේ සභාපති ලෙසද කටයුතු කරනවා.

හැම විටම ජනතාව වෙනුවෙන් සිය මාධ්‍ය, මෙහෙය වූ, ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා ජාත්‍යන්තරයේද ගෞරව සම්මානයට පාත්‍ර වූවෙකි.

ඔහු කීර්ති ශ්‍රී දේශබන්දු ජනමාධ්‍ය ශූරී ⁣ගෞරව නාමයත්,ඉන්දියාවේ කීර්ති ශ්‍රී පණ්ඩිත් ගෞරව නාමයත් හිමි කර ගත් අයෙක්.
මහත්මා ගාන්ධි නායකත්ව සම්මානයද හිමිකරගත් ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා,දේශපාලන විශ්ලේෂකයෙකු හා විචාරකයෙකු ලෙසද ජනතාව අතර නමක් දරා සිටී.

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

1 day ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

1 day ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago